IMG-LOGO

සරසවි රැකගන්න විනය විරෝධී සිසුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

(ඩයනා උදයංගනී)

විශ්වවිද්‍යාල පද්ධතිය රැකගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා පාසල් මට්ටමටත් ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

විනය විරෝධී අයුරින් කටයුතු කරන සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බව ද අමාත්‍යවරයා කීවේය.

විශ්වවිද්‍යාල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් කර  විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බියෙන් හා සැකෙන් තොරව විශ්වවිද්‍යාලය තුළ ගැවසීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ඇමතිවරයාට හා නීතිය භාර සියලු පාර්ශවවලට දැනුම් දී ඇතැයි ද ගුණවර්ධන මහතා පැවසීය.

රුහුණු විශ්ව විද්‍යාලයේ ගැටුමට සම්බන්ධ සියලු සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවත්, එවැනි දැඩි තීරණ නොගෙන විශ්ව විද්‍යාල පද්ධතිය බියෙන් සැකෙන් තොරව වැඩ කළ හැකි ස්ථානයක් බවට පත් කළ නොහැක බවත් හෙතෙම කීය



අදහස් (7)

සරසවි රැකගන්න විනය විරෝධී සිසුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

janahitha Tuesday, 13 December 2022 04:29 PM

පලමුව අර්තික ඝාතකයන්ගෙන් සොරුන්ගෙන් රට බෙරා ගත යුතුය. අනතුරුව සරසවිද රැකෙනු ඇත.

:       10       10

sisilTuesday, 13 December 2022 06:17 PM

සරසවි රැකගන්න විනය විරෝධී සිසුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග රජය විසින් ගන්නවා සේම විස්වවිද්යල දරුවන්ගේ දෙමාපියන් විසින් සරසවි තුල සිදුවන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් පිළිබද මාධ්‍ය තුලින් ඔවුන්ගේ අදහස් සහ විවේචනය එල්ල කල යුතුවේ. මෙම අර්බුදය විසදීම සදහා ඔවුන්ගේ ( දෙමාපියන්ගේ ) අවදිවීම වඩාත් වැදගත්වනු ඇත.

:       1       1

Lal Tuesday, 13 December 2022 04:55 PM

මෙය හොඳ පියවරක් ... ආහාර භාවිතා කරන්න

:       0       0

නිහාල් Tuesday, 13 December 2022 05:35 PM

ඔය ගමන්ම පාර්ලිමේන්තුවේ විනය රැකගන්නත් නීති ගේමු ද? බෑ නේද?

:       0       0

AB Wednesday, 14 December 2022 01:41 AM

සියලු සරසවි තුල 95% සිසුන් වගකීමෙන් ඔවුන්ගේ කටයුතු කරන බව පසුගියදා මහාචාර්ය වරුන්ගේ අදහස් ප්‍රකාශ මාධ්‍ය මගින් පලවිය. අක්‍රමිත තත්වයන් සහ නිති විරෝධී කටයුතු සදහා යොමුවනුයේ 5% නම් 95% සිසුන් සහ ඔවුන්ගේ වැඩිහිටියන් එක්ව "සාමකාමී පරිසරයක් තුල නිදහස් අදයපනය" වෙනුවෙන් සහ නිති විරෝධී කටයුතු නැවත්වීම වෙනුවෙන් ඉදිරිපත්ව හඩක් නැගිය යුතුවේ. සියලු සරසවි තුල අන්තවාදී 5% අබියෝගයට ලක්වන තුරු ඔවුන්ගේ දේශපාලන සහ නීතිවිරෝධී සියලු කටයුතු කරගෙන යාම සිදුකරයි.

:       0       2

Perera Wednesday, 14 December 2022 08:33 AM

රට රැකගන්න විනය විරෝධී ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධී ක්‍රියා වල නියැලෙන දේශපලුවන්ටත් එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ජනතාව ගතයුතු කාලය ඇවිල්ලා.

:       1       3

Lalith M Wednesday, 14 December 2022 11:26 AM

එතකොට උඹලාගෙන්, ට බේරගන්න එක කරන්නේ කොහොමද. ඒකත් කියපල්ල....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site