(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල නවක වදය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මින් ඉදිරියට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නවක වදය සම්බන්ධ පැමිණිලි අපරාධ නඩු විදාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන අනුව විමර්ශනය කරන්නැයි පොලිස්පතිවරයා අපරාධපරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට ශිෂ්‍ය සංගමයක සිසුන් තිදෙනකු පරහදිම එම විශ්ව විද්‍යාල තවත් සිසුන් හය දෙනකුට නේවාසිකාගාරයේදි පහරදී නවක වදය ලබාදීම සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුට සමාජ මාධ්‍ය හරහා අසභ්‍ය දර්ශන යොමුකර නවක වදය ලබාදීම පිළිබඳව පොලිසිවලට ලැබී ඇති පැමිණිලි විමර්ශන කටයුතු සඳහා පොලිස් මූලස්ථානයට යොමු කර තිබේ.
COMMENTS
නවක සිසුන් ඇතුලත් කරගැනීමට පෙර වෙනත් ස්ථානයක සති 3ක පුහුණුවක දෙන්න.එතකොට ඒ ළමයි කණ්ඩායමක් විදියට හඳුනා ගන්නවා හුදකලා කරගන්න බැරි වෙනවා.නවක වදය මුවාවෙන් දේශපාලනය කරනා දේශපාලන පක්ෂ තහනම් කරලා දෙන්න