
(නිමල කොඩිතුවක්කු)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය පරපුර ගෙනයන සටන වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. නිදහස් අධ්‍යාපනයට එරෙහිව ගෙනෙන කිසිදු වැඩපිළිවෙළකට සමගි ජනබලවේගයේ සහය හිමි නොවන බවත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් වන වැඩ පිළිවෙලක් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සකස් කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
"නිදහස් අධ්‍යාපනයට එරෙහිව ගෙනෙන කිසිදු වැඩපිළිවෙළකට සමගි ජනබලවේගයේ සහය හිමි වන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය ස්තීරසාරව පෙනී සිටිනවා. නවීන පක්ෂ කිරීමට ඒ වෙනුවෙන් අපේ විශේෂ යෝජනාවලියක් තියෙනවා.
අපේ රජයක් තුළ වගේ ජනාධිපතිවරයා උපකුලපතිවරු පත්කරන ඒ දේශපාලනීකරණය වූ වැඩපිළිවෙළ අපි වහාම අහෝසි කරනවා. ජනාධිපතිවරයෙක් උපකුලපතිවරු තේරීමේ ක්‍රියාදාමයකට යොමුවන්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ. එය නූතන සමාජයක සිදුවිය යුතු දෙයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. යෝජිත කොතලාවල පනත මගින් නිදහස් අධ්‍යාපනය වල දමන්න ඉඩ දෙන්නේ නැහැ කියලා අපි මේ වෙන විටත් ප්‍රකාශ කරලා තියෙනවා.
දේශපාලන බලවේගයක් විදියට අපි මේ රටේ ආචාර්ය මහාචාර්යවරුන්, ශිෂ්‍යයන් සහ අනෙකුත් පාර්ශ්ව කරුවන් එක්ක එකට එකතු වෙලා එතැනදී අපි කටයුතු කරනවා. මේ අරගලයේ සම්පූර්ණ අරමුණ මෙය ජයග්‍රහණය කිරීමයි. එතැනදි ශිෂ්‍යයන්ගේ, ආචාර්ය මහාචාර්යවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවා අපි පෙනී සිටිනවා.
සමගි ජන බලවේගය කියන්නේ අලුත් පක්ෂයක්. අලුත් චින්තනයක් අලුත් දැක්මක් ඇතිව අපි වැඩ කරනවා කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සියලු දෙනාට අපි කියන්න කැමතියි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟත් ශිෂ්‍ය පරපුර සමඟත් එක්ව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කොන්දේසි විරහිතව අපි පෙනී සිටිනවා.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, දොස්තර රාජිත සේනාරත්න, රාවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න එපා... අපි දන්නවා ඔබගැන.
අපි කැමතියි දැනගන්න... කවුද මේ ඇදුරෝ කියන එක...? සරසවි අධ්‍යාපනය විනාශ කරපු එජාපයෙන්ද මේ පිළියම් හොයන්නේ...? සයිටම් එකට පක්ෂ අය තමයි මෙතන ඔක්කොම... එයාලා හම්බවුණු ඇදුරන් කවුද?
මේ ඇදුරෝ කරලා තියෙන පර්යේෂණ පත්‍රිකා ටික එළියට දැම්මා නම්..? ඒවායින් රටට ලැබෙන සෙත, පේටන්ට් ප්‍රමාණය එළියට දානවා නම්? ලංකාවේ රාජ්‍යසේවකයාගේ ඉඳන් පිස්සු කෙලින්නේ මේ වගේ ආණ්ඩුවේ එකයි, විපක්ෂයේ එකයි, තුන්වෙනි බලවේගේ තව එකයි කියලා තම තමන් බලයට එන්න හදාගෙන තියෙන " ප්‍රතිපත්තියක් නැති " දේශපාලන රාමු. ලංකාවේ පුද්ගලික අධ්‍යාපන ආයතන බිහිවිය යුතුයි, රජයෙන් ගන්න සීමාවට පස්සේ සියලුම දෙනාට අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය පරිසරය තිබිය යුතුයි. කවුරු හරි හරකෙක් කියනවා නම් ,Phd ගන්න කල් ආණ්ඩුවම වියදම් කරලා.., ආණ්ඩුවේම රස්සා දෙන්න, ඉතිරි ටික ඕස්ට්‍රේලියාවට පටවන්න කියලා ඔවුන් කරන්නේ රටට විපතක්...
නිදහස් අධ්‍යාපනය සේම අධ්‍යාපනයට ඇති නිදහසද තිබිය යුතුයි. පටු බඩගෝස්තරවාදය උඩ හිටගෙන කවුරුත් පෙන්වන්නේ සුදු ඇතෙක්...
ඇදුරන් ටික මාර පොරක්නේ හම්බවෙන්න ගිහිල්ලා තියෙන්නේ. මේ නම් මොලේ තියෙන ඇදුරන් ටිකක් නම් වෙන්න බැහැ..
බොර දියේ මාළු බෑම.
සරසවි ඇදුරන් විපක්ෂනායක හමුවී කතා කිරීම ඉතා හොඳයි. දැන් ඉන්න නායකයාට වඩා සජිත්ට පාර්ලිමේන්තු ඉතිහාසය අවුරුදු 22 ක් තියෙනවා. දැන් හැමදේම රටේ අවුල් වෙලා තියෙන්නේ නායකත්වයට කිසිම සුදුසුකමක් නැති කෙනෙක් පත්වුණු නිසා... දැන් විපක්ෂ නායකතුමාගේ ගමන් මාර්ගය ඉතාම හොඳයි.. ඔබතුමාට ඊළඟ ඡන්දෙන් ජය නියතයි.