(ඉන්දිකා රාමනායක)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ඉකුත් (9) ඇති වු සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර ඇත.
මාධ්‍යවේදීන්ට පහර දීම වැලැක්වීමට කටයුතු නොකිරීම, ආයතන සංග්‍රහය මගින් පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතනම ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
විශේෂ කාර්ය බළකායේ අගමැති ආරක්ෂ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනම් කරලා විතරක් මදි... මාධ්‍යෙව්දීන්ට සලකපු ආකාරයට මෙයාටත් සලකන්න තියෙන්නේ...
බොහොම හොඳයි, හැබැයි දේශබන්දුවට එරෙහිව ඔවැනිම පියවරක් ගන්නත් කොන්දක් නැහැ.
වැඩ තහනම් කරලා වැඩේ අමතක වුණාම ඇරියස් පඩි එකපාර ගෙවලා ආයේ ජොබ් එක දෙනවා.
මේ අමානුෂික ප්‍රහාරය ගැන නීති මගින්ද කටයුතු කළ යුතුයි. රටක විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ළඟට තියෙන්නේ ජනමාධ්‍ය බව මේ පොලිස් නිලධාරීන්ට වටහා දිය යුතුයි. රටක ජනමාධ්‍ය යනු සිව්වැනි ආණ්ඩුව (forth state) බව දැන් හෝ තම නිලධාරීන්ට කියාදෙන ලෙස පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටිමු.
මොහුට විරුද්ධව නීතිමගින් කටයුතු කළ යුතුයි...
ඇත්තටම ඒ පහර දීම කළ කෙනා නම් තිරිසනෙක්...