
(අමදෝරු අමරජීව )
සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙහිවත්ත මහා විද්‍යාලයට අද (25) අලුයම වන අලියෙක් කඩා වැදී ඇතැයි පොලීසිය කියයි.
අලියා පෙරළා දැමූ පොල් ගසක් පාසල් ගොඩනැගිල්ලක වහලය මතට වැටීමෙන් එම ගොඩනැගිල්ලේ වහලයට හානි සිදු වී ඇතැයිද සේරුනුවර පොලිසිය පැවසීය.
අලියා පෙරන ලද පොල් ගස පාසල් ගොඩනැගිල්ලේ වහලය මතට කඩා වැටීමෙන් වහලයට හා උළු කැට හතළිහකට පමණක් හානි සිදු වී ඇතැයි විදුහල්පති බී.ජි.එස්. විජේකුමාර මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. මීට අමතරව පාසල් ජලනල පද්ධතියට හානි සිදුකර තිබේ.
ඇතැම් දිනවල උදෑසන හයට පමණ තමන් පාසල විවෘත කිරීමට එන විට අලියා පාසල තුළ රැඳී සිටින බවත් එවැනි අවස්ථාවල අවට දෙමාපියන් කැඳවා අලියා එළවා දමන අවස්ථා ඇති බවද විදුහල්පතිවරයා කීහ .සිදුවී ඇති හානිය පිළිබඳ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද දැනුවත් කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීවෙනි පන්තියටද ඇතුළත් කරගත්තේ?
බෝඩ් එකක් ගහලා බලන්න සර්... අලින්ට ඇතුල්වීම තහනම් කියලා...
සුහුරු පංතිකාමරයක් හෝ බස් එකක් දෙන්න එන්න ඇති, මැතිවරණ නීති නිසා බැරි වුණා. තරහා ගියා. එච්චරයි.
අතපය තිබ්බ පලියට මේකේ කොටන්න එපා. කෙනෙක්ගේ දුක විහිළුවට ගන්න එපා. මිනිස්සු වගේ හැසිරුණා නම් තමයි හොඳ. අලියත් එකයි මේ වගේ සත්ව අදහස් තියෙන මිනිස්සුත් එකයි. එක අතකට සත්තු හොඳයි.