
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන යුද්ධයට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ වුයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ වුවමනාවට බව ඇමෙරිකානු හිටපු උප ජනාධිපතිනි කමලා හැරිස් පසුගියදා ප්‍රකාශ කළාය.
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් යුද්ධයට සම්බන්ධ වූයේ රටතුළ පන නැගෙමින් තිබූ ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට බවද ඔහු පැවැසුවාය.
ඉරානය යුද්ධය ඇමෙරිකානු ජනතාවට අවශ්‍ය දෙයක් නොවන බවද ඇය සඳහන් කළාය. ලිංගික අපරාධකරුවකු වූ මියගොස් සිටින ජෙෆ්රි එප්ස්ටයින්ගේ ප්‍රසිද්ධ කළ ලිපිගොනු වලින් ඇමෙරිකානු ජනතාවගේ අවධානය වෙනතකට රැගෙන යාම ට්‍රම්ප් යුද්ධයට සම්බන්ධ වූ එක් හේතුවක් බවද ඇය පැවැසුවාය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට මීට පෙරද මෙම චෝදනා එල්ල වී තිබූ අතර එහිදී ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.
වත්මන් ඇමෙරිකානු නායකත්වය එරට ඉතිහාසය පැවැති දූෂිතම නායකත්වය බවද ඇය පැවැසුවාය. හමුදා ක්‍රියාමාර්ග හරහා සිය ශක්තිය පෙන්වීමට ජනපති ට්‍රම්ප් උත්සාහ කරන බවත් ඔහුට අවශ්‍ය ඕනෑම කෙනෙකුට පහරදීමට හැකියාව තිබෙන බවත් ලොවට පෙන්වා දීමට ට්‍රම්ප් උත්සාහ ගන්නා බවත් හැරිස් කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd