IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සැරයන්ගේ යතුරුපැදිය ලිස්සා ගොස් කෝච්චියක හැපිලා

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අධික වැසි සමඟ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් ගමන් කරමින් තිබූ දුම්රියක හැපීමෙන් වවුනියාව පොලිසියේ සැරයන්වරයකු  තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

මෙම සැරයන්වරයා ඊරට්පෙරියකුලම්, වවුනියාව මාර්ගයේ නව ගම කිරිවෙහෙර ප්‍රදේශයේ තම නිවසට ගමන් කරමින් සිටිය දී ඊයේ (30)  රාත්‍රී 7.45 ට පමණ මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි.

සැරයන්වරයා නිවසට යන මාර්ගයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් අසලදී යතුරු පැදිය නවතා ගැනීමට තිරිංග තද කිරීමේදී එම අවස්ථාවේ පැවැති අධික වර්ෂාවත් සමඟ යතුරුපැදිය ලිස්සා ගොස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් තිබූ දුම්රියක ගැටී ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ සැරයන්වරයා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

සැරයන්ගේ යතුරුපැදිය ලිස්සා ගොස් කෝච්චියක හැපිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site