
(යොහාන් භාසුර)
නිවාස සහ ආයතන රැසක සවිකර ඇති සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇති බවත් එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු නොකිරීම සහ ප්‍රමාද කිරීම පිළිබඳව කඩිනම් වාර්තාවක් දෙන ලෙස බලධාරීන්ට විදුලිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කළ බවත් එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම විදුලිය ඉදිරියේදී ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කී අමාත්‍යවරයා හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසට සවිකළ සූර්ය බලශක්ති පැනල ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට ද මාස 6 කට අධික කාලයක් ගත වී ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මණ්ඩලේ ලොක්කන්ට ඕනෑ කොහොමහරි විදුලි අර්බුදයක් හදලා හදිසි මිලදී ගැනීම්වලට යන්න. ඒවායින් කොමිස් කන්න. ඉතින් සූර්ය පැනලවලට ඉඩ දෙන්නේ නැහැ. ඒවා සවිකරන්න කැමැති ගෙවල් වලට ඒවට පුළුවන් තරම් අකුල් හෙලනවා.
මෙහෙම ප්‍රමාද කරන්නේ කවුද කියලා නම් නැතුව හෝ තනතුරු ප්‍රසිද්ධ කරන්න... ඇමැතිවරයාට පවා ප්‍රමාද කරන්න ශක්තිමත් පිරිසක් ඉන්නවා කියලා පේනවා. ඔවුන්ගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වා අහෝසි කළ යුතුයි..
සූර්ය පැනල මගින් නිපදවන විදුලිය ලබා ගැනීම සිදු කළහොත්, පෞද්ගලික විදුලි බලාගාරවලින් හදිසි අවශ්‍යතාවයන් බව පෙන්වා දෙමින් විදුලිය ගැනීමට නොහැකි වේවි නේද? මෙවන් මාෆියා කාරයින් වෙනුවෙන් තමයි හිට්ලර් පාලනයක් අවශ්‍යතාවයක් පවතින බව කියන්නේ. (මෙපමණ හිරු එළිය පවතින රටක සූර්ය පැනල මගින් විදුලිය නොගැනීම මහත් පාප කර්මයකි. " මරණින් පසු කොයි ලොව යන්නේ " කියා තමයි කියන්න වෙන්නේ...
සභාපතිතුමා, නොදන්න දේවල් හොයා ගත්තාම විදුලිය විසන්ධි කිරීම නවතීද? මහත්තයෝ, ඔබතුමාලා දුන්න හුරේ පාරට ඔද වැඩිලා ලොක්කා වැඩ අනාගත්තා. දැන් වැරදි එක එක්කෙනාගේ පිට ගහලා වැරදුනේ කොතැනද කියලා හොයලා වැඩක් නෑ. දැන් අනාගෙන ඉවරයි. ඔය කරන්න හදන්නේ බේබද්දා අන්ධකාරේ නැතිවුණු යතුර, ගව්වක් ඈත තියන ලාම්පු කණුවක් යට හොයනවා වගේ වැඩක්...!
රාජගිරියේ ES කෙනෙක් ඉන්නවා. සෝලාර් කම්පැණි ඔක්කොමගෙන් පගාව ගන්නවා. පගාව නැත්තම් ඩිලේ තමයි. බොහෝ තැන්වල ඔහොම තමයි..
මේ වෙලාවේ වාර්තා හොයන්න.. විකාර කතා කරන්නේ නැතුව එහෙම සම්බන්ධ නොකරපු නිලධාරීන්ව හංගපු ආයුධ පෙන්නන්න එක්ක යනවා. නැත්තන් ජනතාව ඔබලාව ආයුධ පෙන්නන්න එක්ක යයි...
CEB ලොක්කන්ට සූර්ය බලය නුසුදුසුයි. අලුතින් සවිකරගන්නවත් අවසර නෑ. කියන්නේ රජයේ නියෝගයක් කියලා...
සෝලා කනෙක්ෂන් දෙන්න ඉංජිනේරුවන් කැමැති නෑ පගාව නෑනේ. මිනි හයිඩ්‍රෝ වගේ ඒවායින් ඕනෑ තරම් ජරාව කන්න පුළුවන්... මේ වගේ අය පාලනේ කරන්න බැරි ආණ්ඩුව රටක් පාලනේ කරන්නේ කොහොමද?
සහතික ඇත්ත... සමහර රජයේ නිලධාරීන්ට මේක ඉක්මණින් ජාතික පද්ධතියට සම්බන්ධ කරන්න උනන්දුවක් නෑ. ජාතික අවශ්‍යතාව තේරුම් කරලා නැතිකම...
මහාමාර්ග වැඩ නැතිනිසා අමාරුයි වගේ... 10%ක් අරන් යට ගහමු.
අපිද? ඔයාට කිව්වේ සෝලා පැනල් සවිකරන්න එපා කියලා... අපි සෝලා හයිකරන්න කිව්වට ඔයාලානේ නෙලුම් පොකුණු කුළුණු ගෙනාවේ.. ඒවට බලය ඕනේ නැද්ද? දැන්වත් ඒ වගේ සූර්ය පැනල හයිකරන්න. ගෙවල්වලට සූර්ය පැනල දෙන්න.. එතකොට පවර්කට් නැතිවෙනවා...
ගෙවල් කීයක සෝලා පැනල් සවි කරලා තියෙනවාද? ඒවායින් නිපදවෙන මෙගා වොට් ගණන කීයද? අතීසාරෙට අමුඩ ගහලා හරියනවද? මේ අයගේ මොලේ තරම තේරුම් ගන්න පුළුවන්.