(නිමල කොඩිතුවක්කු)
සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 206 ක ඉදිරි සෙනසුරාදා දින 4 ක් තුළ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
සරම්ප එන්නත ලබාගෙන නොමැති වයස අවුරුදු 09 සිට 15 දක්වා දරුවන් වෙත ද මෙහි දී සරම්ප එන්නත ලබාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
වයස අවුරුදු 20 ත් 30 අතර තරුණ ප්‍රජාවට සරම්ප එන්නත්කරණය ආරම්භ කරමින් පසුගිය දින 05 තුළ දී නිවාස 90000 ක්, ආයතන 2000 වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ ආවරණයට යොමුවූ බවත් ඔහු සඳහන් කළේය.
වයස අවුරුදු 20 ත් 30 ත් අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හදුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල පසුගියදා (09) ආරම්භ කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 20-30 අතර අයට සරම්ප එන්නත ලැබුණාද? නැද්ද? කියලා අමතක නම් මොකක්ද කරන්නේ හඳුනාගන්නේ කොහොමද?
මොන දිස්ත්‍රික්කද ආවරණය වෙන්නේ. පරණ විස්තර හොයාගන්න බැරි නම් මොකද වෙන්නේ...?