IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සරම්ප එන්නත් ලබාදීම ලබන 4 වැනිදා සිට

(නිමල කොඩිතුවක්කු)

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ලබන 4 වනදා සිට 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවත් 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

ලෝකයේ වැඩියෙන්ම පැතිර යා හැකි වයිරසය මෙය බවත් එය සාර්ස්  හා කොවීඩ් වයිරසයට වඩා වේගයෙන් පැතිර යාමේ අවධානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

එක් පුද්ගළයෙකුගෙන් පුද්ගළයින් 10 ත් 18 ත් අතර පිරිසකට මෙම වයිරසය පැතිර යා හැකි බවත් වළක්වා ගැනීමට ඇති එකම අවස්ථාව ප්‍රතිශක්තිකරණය බවත් විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය. 



අදහස් (0)

සරම්ප එන්නත් ලබාදීම ලබන 4 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site