
(ගයාන් සූරියඅරච්චි)
නීතිවිරෝධීව ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 100 ක් පමණ වටිනා බීඩිකොළ කිලෝ 1200 ක් ප්‍රවාහනය කිරීමට ආරක්ෂාව ලබාදුන් බව කියන සුරාබදු නිලධාරීන් දෙදෙනකු ඇතුළු 3 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බීඩිකොළ පටවාගෙන ගිය ලොරියේ රියැදුරු, මීරිගම ප්‍රදේශයේ සුරාබදු කාර්යාලයේ රාජකාරී කරනු ලබන සුරාබදු පරීක්ෂකවරයකු සහ සුරාබදු රියැදුරකු බව පොලිසිය පවසයි.
බීඩි කොළ ලොරියට ආරක්ෂාව සැලසීම සදහා සුරාබදු නිලධාරීන් යොදාගත් වෑන් රථයක්, බීඩිකොළ ලොරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
580
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුරාබදු නිලධාරීන් දෙන්නෙක් බීඩි කොළ ලොරියට ආරක්ෂාව දීලා
Perakum Tuesday, 10 June 2025 09:10 PM
මෙතෙක් කිසිදා නෑසූ මෙවැනි පුවත් දැන් දැන් සුලබව අසන්නට ලැබීම සතුටට කරුණකි.
B Amarasinghe Wednesday, 11 June 2025 05:19 AM
ආගමන විගමන, මෝටර් ට්‍රැෆික්, පොලිසිය, බන්ධනාගාර හරි... සුරාබදුත් ටිකක් දඟලනවා වගේ...
ලයන් Wednesday, 11 June 2025 07:08 AM
මේ රට කොහොමද මේ දූෂිතයින්ගෙන් බේරාගන්නේ, නීතිය ආරක්ෂා කරන්න ඉන්න කෙනා නීතිය කඩන කොට...!
සෙනෙවිරත්න Wednesday, 11 June 2025 08:16 AM
ජනාධිපතිතුමා මේ කතාව තමයි මිහින්තලේදී කලේ, නීතිය රකින අය නීතිය කඩනවාට රැකවරණය දෙනවා. ඔය සුරාබදු නිලධාරින්ට පළාතේ බාර් කාරයෝ සලකනවා, ඒ අයගේ කීමට රට බීම අඩුවට ගතහැකියි... ඒක මම දන්නා දෙයක්, එයලාගේ වත්කම් හොයන්න. ලේසියෙන්ම රටට නැතිවෙච්චි සුරාබදු අයකරගත හැකියි. වෙනස මේ රජය යටතේ මේවා එකින් එක හෙලිවෙනවා සමහරවිට දේව ක්‍රියාවකින් වගේ, සමහර අය කලබල වෙලා රටේ පරිපාලනය බිඳ වැටිලා නිසාලු මෙහෙම වෙන්නේ, ඇත්ත ඒක නෙවෙයි, දැන් තමයි පරිපාලනය නිසි මගට ඇවිත් තියෙන්නේ.