
(නිමන්ති රණසිංහ)
බම්බලපිටියේ හොරොයින් වැටලීමකට ගොස් සිටියදී වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සුරාබදු නිලධාරීන් සිව් දෙනාගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරින් හත් දෙනා සම්බන්ධයෙන් නිතිපතිවරයාට දැනුම් දී උපදෙස් ලබාගෙන අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සුරාබදු දෙපාර්තමේන්තුවට අද (09) නියෝග කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දැනුවත් කර නිත්‍යානුකූල වැටලීමකට ගිය මෙම සුරාබදු නිලධාරින් සිව් දෙනා වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරින් කව්දැයි අධිකරණයෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම නිලධාරින්ගේ නාමලේඛණයක් එම දෙපාර්තමේන්තුව අධිකරණයට ලබා දුන් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කොළඹ දකුණ භාර සහකාර පොලිස් අධිකාරී, බම්බලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, එම පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, එම පොලීසියේ පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් වන නාමලේඛණ්‍යක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපතිවරයා අද (09) මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය ඉකුත් 07 වැනිදා සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට අදාළ ප්‍රධාන සැකකරුවකුට පලා යාමට අවස්ථාව සලසා දෙමින් සුරාබදු නිලධාරින්ගේ රාජකාරියට බාධා කර එම නිලධාරින් අත්අඩංගුවට ගෙන ඔවුන් පොලිස් ස්ථානයේ රඳවා ගැනීමට මෙම පොලිස් නිලධාරීන් කටයුතු කළ බවට සදහන් කරමින් සුරාබදු ස්ථානාධිපතිවරයා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.
බම්බලපිටිය පර්ල්බීච් හෝටලය ඉදිරිපිටදී ඉකුත් 07 වැනිදා පෙරවරුවේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටි අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සී ඒ සී 8878 දරන කාර් රථයෙන් හොරොයින් සමග සිටින පුද්ගලයන් දෙදෙනකු ගැන තොරතුරක් ලද බවත් සුරා බදු දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දු වැඩ ඕවා
අපේ රට හරි වෙනස් එකක් නේ . එකම කාර්යයට රාජ්‍ය ආයතන එකකකට වඩා පිහිටුවා තිබීම එම වෙනස්කම් අතර පළමු වැන්නයි . නිල ඇඳුම් අඳින හා ආයුධ භාවිතා කිරීමට බලය ඇති ආයතන වල සිටින සමහරුන් අනෙකුත් ආයතන අතර අප්‍රකාශිත ඊරිසියාවක් පවත්වාගනිමින් මමයි ලොක්කා බව පෙන්වීමට දැඟලීම තවත් එකකක් . මෙතන වැරදි කරුවන් කවුරු උනත් ඒ අයට උපරිම දඬුවම් ඉක්මනින් ලබාදීමට බලධාරීන් කටයුතු කලොත් මේ විහිලු ඉදිරියේදී ඇති නොවනු ඇත.
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා කියමනක් තියෙනවා .පොලිසියේ වැඩ මෙහෙම නම් රටේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් මැඩ පවත්වන්නෙ කොහොමද
දේශය බඳු පොලිස් කෙනෙක්
ඕක පොලිසියේ ජොබ් එකනේ. කවුරුහරි දේශපාලුවෙක්ගේ බඩු වෙන්න ඕන. පොලිසිය පාලනය කරන්නේ පලාතේ දේශපාලන බලවතා නේද? රාජපක්ෂ ක්‍රමය තවමත්.....
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ගෙන්, අපරදකරුවන්ගෙන් පොලිස් නිලදාරින්ට කිසියම් මුදලක් ලැබෙනවානම්, එම අපරාද මුදලින් යැපෙන ඔවුන්ගෙ පවුලෙ උදවිය අඹු දරුවන් ලජ්ජා විය යුතුයි.
දැන් තේරෙනව නේද කුඩු සහ මත්ද්‍රව්‍ය වල පේරන්ට්ස්ල කවුරුද කියල. කොලබට අදිපති මහ එකා තමයි කුඩු ලෝඩ්. මේක අර මහ පුටුවෙ වාඩි කලොත් අපිට කාගේ සරණද?
කොල්ලුපිටිය බම්බලපිටිය කියන්නේ හාමුගේ ඒරියා එකනේ, කවුද මේ දවස්වල උන්නැහේගේ අවසර නැතුව වටලන්න යන්නේ.