
(ගයාන් සූරිය ආරච්චි)
නිවසේ සුනඛයාට දැමූ ආහාර නරක් වීම හේතුවෙන් මව සමඟ ඇති වූ ආරවුලකදී පුතා විසින් මව තල්ලු කිරීමෙන් පසු ඇද වැටි තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (23) මියගොස් ඇති බව රාගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රාගම වල්පොල ප්‍රදේශයේ පදිංචි දීප මාලා කුමාරි විජේසිංහ (57) නැමැති කාන්තාවකි.සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුතා (24) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.
නිවසේ ඇති කරන සුනඛයාට ලබාදුන් ආහාර නරක් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මව සහ පුතා අතර ඉකුත් (20) දින ආරවුලක් ඇති වී තිබූ අතර එහිදී පුතා විසින් මව තල්ලු කර දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහිදී තුවාල ලැබූ මව රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23) මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තල්ලු කිරීම හේතුවෙන් ඇද වැටී ඇතිවූ තුවාල නිසා සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මට වඩා සුරතල් සතුන් වටිනවා .කාලකන්නි
කාන්තාවකට ලැබිය හැකි උපරිම වේදනාවන් ලබා මෙලොවට බිහිකර දුක් මහන්සියෙන් මගේ පුතා කියමින් තමන්ගේම ඇහැවගේ රැකගත් අම්මාට වඩා කොලුවාට අම්මාට වඩා සුරතලා ලොකුවෙලා තියෙනවා. විවාහයක් හෙම කරගෙන හිටියානම් කොහොමවේද කියලා හිතාගන්න බැහැ. පියා මැරූ අජාසත්තගේ බිරිදට දරුවෙක් ලැබුනාට පස්සෙ පියාගෙ වගකීම පෙන්වාදෙන්න මව හිටියා වුණත් මූට හොද නරක කියාදෙන්න කෙනෙක් නොහිටීවි.
අවීචි මහා නරකාදියේ කල්පාන්තරයක් පැහෙන්න තරම් ඔය ලස්සනට වැඩ සිද්ද කරගෙන තියෙන්නේ...
මිනීමරුවන්ට මරණ දඬුවම දෙන්න... !
හිරකරු මානව අයිතීන් සංගමයේ අය ටික හමගහන්න ඕනෑ... මේ වගේ කාලකන්නි වෙනුවෙන් කතා කරනවාට..!