IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සරණාගතයකු වූ එලංගෝ එලවලකන් නගරාධිපති ධුරයට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ සිට පැමිණ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගත් එලංගෝ එලවලකන් මහතා ඉප්ස්විච් නගරයේ නගරාධිපති තනතුරට පත්වූවේය .ඉප්ස්විච් නගර සභා වාර්ෂික රැස්වීමේදී පැවැති ඡන්දයේදී ඒකමතිකව එලංගෝ එලවලකන් මහතා නගරාධිපති ලෙස තෝරා පත්කරගෙන ඇත.

එලවලකන් මහතා කම්කරු පක්ෂය නියෝජනය කරනු ලබයි. ඉප්ස්විච් නගර සභාවේ ප්‍රධානී නීල් මැක්ඩොනල්ඩ් මහතා විසින් නගරාධිපති ධුරය සඳහා එලංගෝ එලවලකන් මහතාගේ නම යෝජනා කරනු ලැබුවේය.නම යෝජනා කරමින් ඔහු පවසා සිටියේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමටද  නව නගරාධිපතිවරයා සිය ධුර කාලයේදී වාසනාවන්ත වනු ඇති බවය.

තමන් අද දිනයේ ඉතාමත් සතුටු වන බවත් ඉප්ස්විච් නගරයේ නගරාධිපතිවීමට හැකිවීම පිළිබඳව තමන් ආඩම්බරයට පත්වන බවත් තනතුර බාර ගැනීමෙන් පසුව  එලංගෝ එලවලකන් මහතා ප්‍රකාශ කළේය.ඉප්ස්විච් නගරාධිපති ලෙස පත්වූ ප්‍රථම හින්දු ජාතිකයාද එලවලකන් මහතාවේ.යුද්ධයෙන් පැන ආ සරණාගතයෙක් නගරාධිපති ධුරය සඳහා පත්වීම ලොවටම පණිවුඩයක් ලබා දෙනු ඇතැයි එලවලකන් මහතා චාරිත්‍රානුකූලව නගරාධිපති ධුරය සඳහා පත් කරමින් නගර සැරයන් ඇන්ඩෲ බීල් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව අතරහැර එක්සත් රාජධානියට පැමිණීමට ප්‍රථම එලංගෝ එලවලකන් මහතා ඉන්දියාවේ , උගන්ඩාවේ සහ රුවන්ඩාවේ සේවය කර ඇත.ඔහු 2006 වසරේදී ඉප්ස්විච් නගරයේ පදිංචියට පැමිණ තිබිණි.



අදහස් (4)

සරණාගතයකු වූ එලංගෝ එලවලකන් නගරාධිපති ධුරයට

ලුම්බිණි Friday, 17 May 2024 10:38 AM

සුබ පැතුම්!

:       3       33

Achini Friday, 17 May 2024 11:35 AM

ජාතිවාදය නිසා අපේ රටේ අර ගිය කට්ටිය තමයි ඉතින් ඔය වැඩ හොඳින් ඉන්නේ...

:       4       8

visnu Friday, 17 May 2024 02:41 PM

මේ මාතෘභූමියේ කිසිම සුළු ජාතියකට අනාගතයක් නැහැ. බලන්නකෝ වීරවංශ හැසිරෙන හැටි. දැන් ඔහු එළියට ආවා ඉන්දියාව ලංකාවට අලුත් සංස්කෘතියක් ගේන්න හදනවා කියලා.

:       6       14

soma Saturday, 18 May 2024 01:24 AM

හැමවිටම සිදුවෙනවා. රැකියාව දුෂ්කර වූ විට ඔවුන් එය ඉන්දියානුවෙකුට දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site