
( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ කේ. බුද්ධික කුමාරසිරි)
දිට්වා සුළි කුණාටුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව බෝම්රිය කනිටු විද්‍යාල සුරක්ෂිත මධ්‍යස්ථානයේ රඳවා සිටි ළමුන් 15 දෙනෙකු ඇතුළු 29 කු හදිසියේ රෝගී වී ඊයේ (2) රාත්‍රි රෝහල් ගත කළ බව නවගමුව පොලිසිය කියයි.
එම රෝගීන් අතර වයෝවෘද්ධ පුද්ගලයන් දෙදෙනකුද වන බව පොලිසිය සඳහන් කරයි.
එම සුරක්ෂිත මධ්‍යස්ථානයේ පුද්ගලයින් 396 ක් පමණ රඳවා සිටින අතර ඊයේ (2) දිවා ආහාරය ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් සම්බන්ධ වී හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයින් විසින් එම සුරක්ෂිත මධ්‍යස්ථාන භාරව සිටින ග්‍රාම නිලධාරිනිය වෙත ආහාර පාර්සල් ලබා දී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.
එම ආහාර ලබා ගැනීමෙන් අනතුරුව උදර ආබාධයක් සෑදී රාත්‍රීයේදී එකි පිරිස නවගමුව රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
ඒ සම්බන්ධව කඩුවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුවත් කර ස්ථානයට කැදවූ අතර ඔවුන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd