
( සමන් පාලිත නානායක්කාර )
අධික ලෙස බීමත්ව මාර්ග නීති උල්ලංඝනය කරමින් බදුල්ල සිට කොළඹ බලා බස් රථයක් ධාවනය කරමින් සිටි පෞද්ගලික මගී බස් රථයක රියදුරු අද (17) හල්දුම්මුල්ලේදී අත්අඩංගුවට බව හල්දුම්මුල්ල පොලිසියේ පැවසීය.
හල්දුම්මුල්ල පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව හල්දුම්මුල්ල නගරයේදී මෙම බස් රථයේ නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු අධික ලෙස බීමත්ව සිටි බැවින් හල්දුම්මුල්ල දිසාරෝහලට කැදවා රියදුරු බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තාව අනුව තහවුරුකරගෙන තිබේ.
මගීන්ට සිදුවන අපහසුතා මගහැරවීමට බස් රථය වෙනත් රියදුරකු යොදවා කොළඹ බලා ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු යෙදූ බවද පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා මූ මරන්න එපැයි..
ගැමුණු මොකද්ද දෙන්න ඕන දඬුවම ?
ලංකාවේ වැඩිම අපරාධ කරන පිරිමි මනුස්සය තමයි උඩ පොටෝ එකේ ඉන්නේ. හැමදාම මොනව හරි කරල අහුවෙනවා.
ඔය කියන බස්වල කොළඹට යද්දී කොළඹ සිට කිලෝමීටර් හැත්තෑවේ දුරදීත් මගීන් ගන්නවා හවසට එන්න බලනකොට කොන්දොස්තරත් බීලද කොහේද ගන්නේ නැහැ...!
හොඳ වෙලාවට කවුරුවරි ඔහු ගැන විමසිල්ලෙන් ඉඳලා තියන නිසා අනතුරු සිදුවීමට තියන අවස්තාව මග හැරිලා ගියා . බදුල්ලේ ඉඳලා කොළඹ කියන්නේ ලෙහෙසි පහසු දුරකද ?ටයිම් කීපර් කෙනෙක් ඉන්නවා නේද මිනිහත් බීමත්ව ඉඳලාද දන්නේ නැහැ