
(නිමල් ජයරත්න )
කදුරුවෙල සිට මහියංගණය දක්වා මගින් පිරිසක් පටවා බීමතින්, තවත් බස් රථයකට වෙට්ටු දමමින්, ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සෙසු වාහන වලට හිරිහැර වන අයුරින්, බසය ධාවනය කෙරු රියදුරෙකු සිරිපුර නගරයේදී අද (03 ) දහවල් අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් රියැදුරු අවුරුදු පනහක් පමණ වයසති පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
රියැදුරු සමග බස් රථය ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම බස් රථයේ සිටි මගීන් පිරිස පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථයට නංවා ගමනාන්තය දක්වාම යැවීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.
පුද්ගලයෙකු විසින් හදිසි දුරකථන ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් රියැදුරු බීමත්ව අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීමේ වරදට දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව සිරිපුර පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සූර් වී බසය පැදවූ රියදුරු අත්අඩංගුවට
abid Monday, 03 February 2025 12:40 PM
මෙයා ඉක්මණට කරන්න කියලා බස් ස්ට්‍රයික් කළොත් නරකද?