(අංජුල මහික වීරරත්න)
සියලු සුරා බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති සහ නියමිත ක්‍රමවේදයට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙමගින් රජය අදාළ මාස නවයක කාලය තුළ උපයා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 3.1කට අධික බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
එම නිවේදනයේ මෙසේද දක්වේ.
නිදහසින් පසු 2022 වසර වනතුරුම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය මුදල් අය කිරීමක් කර නොතිබිණ. ඒ වනවිට රටේ සෘජු බදු විශාල ලෙස අහිමිවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කෙරිණි. රට පත්ව තිබූ දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව ද ඒ අවස්ථාවේදී රජයට දැනුම් දුන්නේය. ඒ අනුව, සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමිවීමට විකල්ප ලෙස රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා මුදල් අය කර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කරනු ලැබීය.
වර්ෂ 2024 අය වැය කතාවේ අංක V ඡේදය යටතේ ඉදිරිපත් කරන ලද සුරාබදු පරිපාලනය වැඩි දියුණු කිරීමේ ක්‍රමවේද හා බදු ප්‍රතිපත්ති සංශෝධනය, විවිධ වර්ගයේ සුරාබදු බලපත්‍රවලට අදාළ වන මාර්ගෝපදේශ රීති විධිමත් කිරීම, නව නිර්නායක හඳුන්වාදීම, බලපත්‍රවල උපරීම සීමාවන් තීරණය කිරීම, සුරාබදු සේවා සඳහා පරිපාලන ගාස්තු ලබාදීම, ඉල්ලුමට අනුව අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම යන යෝජනා ඇතුලත් අය වැය ලේඛණය පාර්ලිමේන්තුව සම්මත කළ අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය පළවිණ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 සිට 152 දක්වා වගන්ති යටතේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුය. ඊට අමතරව රාජ්‍ය මූල්‍ය වගකීම් පනතේ 3 වැනි වගන්තිය ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අමතරව නීතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. එමෙන්ම ආර්ථික පරිවර්තන පනතේ 8 වැනි වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් බලතල ක්‍රියාත්මක කිරීමේදී එහි අධීක්ෂණය ද පාර්ලිමේන්තුවට හිමි වේ.
පැවැති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මේ තීරණය වඩාත් ශක්තිමත් කරමින් සුරාබදු ආඥා පනත යටතේ අංක 03/2024 දරණ සුරාබදු නිවේදනය මගින් එතෙක් පැවැති ගාස්තු ප්‍රමාණ ඉහළ නංවමින් 2024 පෙබරවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නව සංශෝධන බලාත්මක කරන ලදී.
මේ සියල්ල ආර්ථික සංවර්ධන පනතේ 4 වැනි වගන්තියේ d සහ h අනු වගන්තිවලට අනුකූලව සිදුකර ඇත. ඊට අමතරව, 2008 අප්‍රේල් 10 දිනැති අංක 1544/17 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය (සුරාබදු නිවේදන අංක 902) මගින් ප්‍රකාශයට පත් කර තිබූ නියමයන් 2024 ජනවාරි 12 දිනැති අංක 2366/39 දරණ ගැසට් නිවේදනය මගින් සංශෝධනය කරන ලදී. ඒ සියල්ල පාර්ලිමේන්තුවේ මහජන මුදල් කාරක සභාව විසින් අනුමත කළ බව සදහන් කළ යුතුය.
ඒ අනුව, මහ නගර සභා බල ප්‍රදේශ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියන 15 ක ගාස්තුවට අමතරව රුපියල් මිලියනයක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද,
නගර සභා බල ප්‍රදේශ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියන 10 ක ගාස්තුවට අමතරව රුපියල් ලක්ෂ 08 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද,
අනෙකුත් ප්‍රදේශ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියනයක ගාස්තුවට අමතරව රුපියල් ලක්ෂ 06 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද,
රුපියල් මිලියන 1,000 ඉක්මවන වෙළෙඳ සංකීර්ණ හෝ වෙළෙඳසැල් හෝ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියන 15 ක ගාස්තුවට අමතරව රුපියල් මිලියන 1.5 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද, මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර නිකුත් කරනු ලැබීය.
2024 පෙබරවාරි 01 වැනි දින සිට 2024 ඔක්තෝබර් 31 දක්වා නව සංශෝධනය අනුව, සුරාබදු බලපත් වර්ගීකරණයේ ර.බි.4 (F.L.4) යටතට ගැනෙන මත්පැන් සිල්ලරට පිටතට විකිනීමේ බලපත්‍රය යටතේ මත්පැන් අළෙවිසැල් 172කට සහ රුපියල් මිලියන 1,000 ඉක්මවන වෙළෙඳ සංකීර්ණ හෝ වෙළෙඳසැල් හෝ 89 ක් සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කරනු ලැබිණි.
මේ සියලු බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති සහ නියමිත ක්‍රමවේදයට අනුවය. බලපත්‍ර නිකුත් කිරීමේදී සුරාබදු කොමසාරිස් ජනල්වරයා නිර්දේශ කළ අයඳුම්පත් සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරිණි. එම ක්‍රමවේදයට පරිබාහිරව එකදු සුරාබදු බලපත්‍රයක් හෝ නිකුත් කර නැත.
මෙමගින් රජය අදාළ මාස නවයක කාලය තුළ උපයා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 3.1කට අධික වේ. මේ ක්‍රමය 2024 නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙකෙහි ද අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් 2024 වර්ෂය තුළ රුපියල් බිලියන 04 ඉක්මව වූ ආදායමක් රජයට ලබාගත හැකි වෙයි.
මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය හා අත්දැකීම් පදනම් කර ගනිමින් 2025 වසරේ සිට නිශ්චිත ප්‍රදේශ නියම කර සුරාබදු බලපත්‍ර 250-300 අතර ප්‍රමාණයක් රුපියල් මිලියන 25 ක අවම ලන්සුවක් යටතේ වෙන්දේසි පදනම යටතේ නිකුත් කිරීමටත්, මෙමගින් ලැබෙන ආදායමෙන් සියයට 25 ක් වෙන්කර අරමුදලක් පිහිටූවීටත්, එය අමද්‍යප ව්‍යාපාරය ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් සැළසුම් කර තිබුණි. තවද මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන අතරවාරයේ දී නව සුරාබදු පනතක් ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර ගැනීම ද ආරම්භ කෙරිණි.
නිකුත් කරන ලද මත්පැන් බලපත්‍රයකට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබුණු මහජන පැමිණිලි මත එම බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් කටයුතු කළ අවස්ථාවේ ඊට එරෙහිව බලපත්‍රලාභියා ගොනු කළ පෙත්සම අධිකරණය විසින් 2024 අගෝස්තු 09 වැනි දින පිළිගැනීම සහ පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශිත කාලය තුළ (2024.07.26 සිට 2024.09.21 දින දක්වා) මත්පැන් බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කර විනිවිදභාවයකින් යුතුව දේශපාලන ප්‍රවර්ධනයකින් තොරව බලපත්‍ර ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට 2024.08.19 දිනැති ලිපිය මගින් නිර්දේශ ලබාදී තිබීම තුළින් ද මත්පැන් බලපත්‍ර ලබාදීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය නීත්‍යානුකූල බව තහවුරු කෙරිණි.
පසුගිය රජය සමයේ මත්පැන් බලපත්‍ර කිසිවක් පිනට දී නැත. සිදුවූයේ ඒවා විකුණා රාජ්‍ය ආදායමට සැළකිය යුතු මුදලක් එකතු කර ගැනීමය. ආර්ථික වශයෙන් රට අමාරුවට වැටුණු මොහොතක බදු ආදායමට අමතරව රටට ආදායම් ගෙනෙන නව ක්‍රමෝපායක් ලෙස මේ බලපත්‍ර විකුණු බව ද සඳහන් කළ යුතුය.
බංකොලොත්ව තිබූ ආර්ථිකය ගොඩගැනීම සඳහා දිගුකාලීන දැක්මක් සහිතව ක්‍රියාවට නගන ලද මෙම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිත කිරීම කණගාටුවට කරුණකි.
දැනට ක්‍රියාත්මක විනිවිද හා විධිමත් නව ආදායම් මාර්ගය අහෝසි කර ගන්නවාද, නැද්ද යන්න පිළිබඳවත්, එසේ නැති නම් නව සුරාබදු පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ ද යන්නත් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව තීරණය කළ යුත්තේ අමාත්‍ය මණ්ඩලය ය. එසේම, මෙය ඉදිරියට ගෙන යෑමේ හෝ අහෝසි කිරීමේ හෝ බලය ද අමාත්‍ය මණ්ඩලය සතු වන්නේය.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සුරා බලපත් විකුණා මාස 9ට බිලියන 3.1ක් හෙව්වා
ලුම්බිණි Monday, 09 December 2024 01:13 PM
මෙන්ඩිස් සමාගමෙන් බදු ණය එකතු කර ගන්න අමතක වෙන්න ඇති .
ජනක Monday, 09 December 2024 01:19 PM
බංකොලොත් ව තිබු ආර්ථිකය ගගා සැරෙන් සැරේ කියවන්න ඕනේ නැහැ , මේ රටේ මිනිස්සු දන්නවා බංකොලොත් කරෙත් ඔයාලමයි කියලා...
අරවින්ද මොනරවිල Monday, 09 December 2024 01:28 PM
මොනවද මේ ගොන් කතා, ලංකාවේ ගන්න පුළුවන් හැම පුද්ගලයෙක්ටම සුරා බලපත්‍රයක් දෙමු. එතකොට ආණ්ඩුවට බිලියන ගානක් නොවෙයි ට්‍රිලියන ගානක් හොයන්න තිබුණා.
SaraMonday, 09 December 2024 02:14 PM
අනුරට කියලා බලන්න.
කෝරලගේ Monday, 09 December 2024 01:55 PM
දැන් මොන්ගල්... කට ඇරියොත් කියන්නේ මොකක් හරි විකුණන එකක් තමයි. යකෝ තව තව බාර් ලයිසන් දීලා රටේ මිනිස්සු රටේ මරා ගන්නද ඕනේ? බෞද්ධ සංස්කෘතිය අනුව මේ මත්පැන් නිසා ජන ජීවිතය මොනතරම් විනාශ වෙනවාද?
senaTuesday, 10 December 2024 07:36 AM
මෙයත් මස් නොකා හොදි කන කෙනෙක්, නොබී ඉන්න විකිණීම නැත්නම් නිකම්ම බාර් වැහෙයි.
pj Monday, 09 December 2024 02:04 PM
රට ගොඩදාන හැටි රනිල්ගෙන් ඉගෙන ගන්නෙ නැතුව තමන් කියන්නෙ නම් ගොන්ම ගොන් කතාවක්. තණකොළ කෑවට උම්බෑවත් නොකිය ඉන්න.
Kazi Shajahan Monday, 09 December 2024 02:25 PM
බාර් ලයිසන් මන්ත්‍රීවරුන්ට දීලා තියෙන්නේ... පුළුවන් නම් එක නමක් කියන්ඩ පොඩි මිනිහෙකුට දිපු
ජිල්බු Monday, 09 December 2024 03:45 PM
ඒ කියන්නෙ මිටි කම්කරු අයට දීලම නැත්ද?
ගුණරත්න Monday, 09 December 2024 04:55 PM
සාජහන් මහත්තයාටත් ලයිසන් ගන්න පුළුවන් කෝටියක් ලයිසන් ගාස්තුවයි, අවුරුදු පතා ලක්ෂ අසූවක් වාර්ෂික ගාස්තුවයි ගෙවන්න පුළුවන් නම්...
ChannaMonday, 09 December 2024 05:49 PM
මොනවද අනේ මේ කියන්නේ.. වාර්තාවේ තියෙන්නේ මිලියන 15කට දුන්නේ කියලා... ඉතින් පොඩි මිනිහෙක් දීලා තියෙන්නේ රනිල්ට ඉස්සර, මෙයා දීලා තියෙන්නේ මිලියන 5-6 ආණ්ඩුවට ගෙවන්න පුළුවන් අයට, සුපර් මාකට් සහ හෝටල් වලට...
Laksman Godigamuwe Monday, 09 December 2024 02:29 PM
අලුතින් ලබාදුන් සුරාසැල් සඳහා බලපත්‍ර 361 ක් නම් සියල්ලම ප්‍රාදේශීය සභා ප්‍රදේශවල නම් වාර්ෂිකව රුපියල් ලක්ෂ 2268 ක් බලපත්‍ර ගාස්තු ලෙසට රජයට ලැබෙනවා... එය රාජ්‍ය ආදායමේ වර්ධනයක් කියලා හිතනවා වැරැදියි නම් නිවැරැදි කරන්න. එම ක්‍රියාව නිසා කසිප්පු ,ඇමරේජන් හා සීනි කරිංජන් කාරයින්ට (මල්කැකුලලා) තමයි බඩේ පහර වදින්නේ...
fairoos Monday, 09 December 2024 02:29 PM
එතකොට අර්ජුන් මහේන්ද්‍රන් රටට කරපු විනාශයට උත්තරයක් නැද්ද?
ගුණරත්න Monday, 09 December 2024 04:56 PM
ඉතින් ඔය හිරේ ඉන්නේ එකෙක්, සල්ලි ටික තාම මහා බැංකුවේ තියෙනවා. එක සතයක් පාඩු වුනේ නැහැ.
john Monday, 09 December 2024 02:30 PM
සුරා බලපත් අලෙවි ආදායමෙන් 25%ක් අමධ්‍යප ව්‍යාපාරය සංවර්ධනයට. මේවා මොළ නොවේ මොළ ගෙනාපු නැව්...!
ලසන්ත Monday, 09 December 2024 02:56 PM
ඔය ආදායමට ඡන්ද වැඩට කියලා දීපූ කොමිස්වල ගානත් එකතු කරානම් තව ගොඩාක් වැඩි වෙනවා නේද?
ගමේ එකාලා Monday, 09 December 2024 03:35 PM
හෙව්වා නම් මොකද උනේ ,වැය කරපු හැටිත් කිව්වානම්? උපදෙස් ගන්ඩ තිස් ගාණක් පත්කෙරුවේ ගෙවන්ඩ වෙන්ඩැති .
Nimal Monday, 09 December 2024 03:39 PM
ඒ කියන්නේ ඔබේ දැක්ම තමයි. රටේ මිනිස්සු වැඩි වැඩියෙන් මත්පැන් පොවලා ඒ සල්ලිවලින් රට දියුණු කරන එක. මාරම මොලයක්.
බකල ජයා Monday, 09 December 2024 03:42 PM
ඔයාගේ දත්ත, ඔයාගේ විස්තරනේ මහත්තයෝ. ඔබතුමා ගුඩ් මෝනිං කිවිවත් ෂුවර් නෑ - වෙලාව බලන්න හිතෙනවා. ඒ වුනාට අපි අහගෙන ඉන්නං - මොකද හිටිය වැඩි අයට ගරු කරන එක අපේ සිරිතක්නේ.
Tilakarathne Monday, 09 December 2024 04:37 PM
ආණ්ඩුවට බිලියන 3.1 ක්... එනකොට ගෝල බාලයෝ ඒ වගේ කී. ගුණයක් හෙව්වා දන්නවද?
Nishan Monday, 09 December 2024 04:52 PM
මාලිමාවට කතිරේ ගහපු මැටි මෝල්ලුන්ට නම් මෙතුමා කියන දේ තේරුම් ගන්න බෑ මේ කපේදී. එක්කෙනෙක් මෙන්ඩිස් සමාගමේ බදු අය කර ගත්තේ නැත්තේ ඇයි අහනවා. එයා නෙවෙයි මාලිමාවේ ලොක්කෝ දන්නෙත් නෑ ඔවුන්ට විරුද්ධ ඒ නඩු තීන්දුව දුන්නේ මෙතුමාගේ කාලේ කියලා. තව කෙනෙක් මහ බැංකුවක් ගැන මතුරනවා. එයාට කියන්න පුළුවන්ද එතන වෙච්ච දේ...? බෑ. ඒකට ඔලුවක් නෑ.
වික්‍රම විදුර Monday, 09 December 2024 05:05 PM
සල්ලි ආපුවා කියන්න අමතක වෙලා.. ඒ තරම් සංවර්ධනය.. ඒ සල්ලි ටික කෝ දැන්..? ඔයාට ඡන්දෙට වියදමට ගත්තාද..?
ranjith Monday, 09 December 2024 05:08 PM
ඔයා බලපත්‍ර ඔක්කොම අහෝසි කරනවා කිව්වනේ.. ඒකත් බලමුකෝ එහෙම කරේ නැතිනම් මොවුන් දෙගොල්ලොම ජනතාව ගොනාට අන්දනවා නේද?
ජනරළ Monday, 09 December 2024 05:44 PM
මෙතැන කියලා තියෙන හොඳම දේ තාම කාටවත් පෙනිලා නැහැ වගේ. මිනිහා කියනවා බාර් ලයිසන් විකුණලා ඒ සල්ලි යොදවලා අමද්‍යප ව්‍යාපාරය දියුණු කරන්න යොදන්නලු හිටියේ. මරු නේද වැඩේ? මන් හිතන්නේ මිනිහටයි මිනිහගේ උපදේශකලාටයි මොංගල් හැදිලා වගේ...!
sam Tuesday, 10 December 2024 07:33 AM
ඒ සල්ලි නීත්‍යානුකූලව කොහේද තැන්පත් කළේ කියලා වහාම පරීක්ෂණයක් කරන්න. මෙයා තවත් හිටියා නම් ලංකාවේ ගෑණු ටිකත් විකුණන් කනවා. ලැජ්ජයි, මහා පරිමාණයෙන් බාර් ලයිසන් දීලා මඩිය තරකරගෙන රට විනාශ කළාට...
Bunny Preena Wednesday, 11 December 2024 09:21 AM
දේශපාලන වාසි වලට කතා කරන ඒවා කවදාවත් නැති වෙන්නේ නෑ.. එක දේශපාලුවන්ගේ උපන්ගතියක්.. සුරාසැල් නිකුත් කිරිම මොන ආණ්ඩුව ආවත් අහෝසි කරන්නේ නෑ.