
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන රුපියල් බිලියන 242 න් මේ වන විට බිලියන 98ක් උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ.
2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන බිලියන 242 න් රුපියල් බිලියන 240ක් මත්පැන් වලින් ද රුපියල් බිලියන 2ක් බීඩි වලින් ද ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
පසුගිය වසරේ මැයි 31 වන විට එම ආදායම රුපියල් බිලියන 88ක් බවත් ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10 ක ආදායම මේ වන විට වැඩිවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
නව රජය බලයට පත්වීමත් සමග නීති විරෝධි මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත් වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් වූ බවත් මේ වන විටත් අඛණ්ඩව එම වැටලීම් සිදුකරමින් පවතින බවත් නිලධාරීහු සඳහන් කළහ.
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි හිතාගෙන හිටියේ ජුනි වෙනකොට ඩොලරය හාරසිය වෙලා, පඩි ගෙවා ගන්න බැරිව ජනතාව පාරට එයි කියලා, අනේ ඒකත් එහෙමයි. එහෙනම්...!
පාණ්ඩුව බදු ආදායම වැඩි කියලා කට මඅත දෙඩුවාට ඔය වගේ දහ ගුණයක්වත් කසිප්පු විකිනෙනවා ඇති. කාට හරි සැක නම් රටට ගෙන්වන සීනි තොගය ගැන බලන්න
අරක්කු බෝතලයකට මොල සූරන බදුගහලා ආදායම වැඩිකර ගැනීම දක්ෂතාවය මත වන දෙයක්ද?
ගමේ බදුවලිනුත් මුදලාලිට ට්‍රිලියන ගණන් ලාබ ඇති...