IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘සාරා ජෙස්මින්‘ සොයන්න සයින්දමරුදු පිපිරීමේ සිද්ධියේ සිරුර ගොඩට

(වසන්ත චන්ද්‍රපාල , නවරත්න සමරතුංග සහ  ඩී.ඥාණසිරි හෙට්ටිආරච්චිගේ)

අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් මියගිය පිරිසගේ සිරුර කොටස් අම්පාර පොදු සුසාන භූමියේදී  යළි  ගොඩගැනීම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත්  සහ දිසා   විනිසුරු   ලුසාකා   කුමාරි  ධර්මකීර්ති   මහත්මිය  ඉදිරියේ  අද    (27 )     පෙරවරුවේ   සිදු කෙරිණි.

කටුවාපිටිය  දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ  මොහොමදු හස්තූන්  යන අයග් බිරිඳ පුලිස්තනී මහේන්ද්‍රන්ගේ  හෙවත් සාරා ජෙසිමීන්  නැමැත්තියගේ සිරුරේ කොටස් එම  සිරුර කොටස් අතර  ඇත් දැයි දැන ගැනීමට  ඩී එන් ඒ   පරීක්ෂණයක්  සඳහා  එම  සිරුර ගොඩ ගත්තේය.

මෙම  ශරීර  කොටස්  අධිකරණ නියෝග මත අම්පාර පොදු  සුසාන   භූමයේ  මිහිදන් කර  ඇති  බැවින්, එය  නැවත ගොඩ ගෙන ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සදහා  යොමු  කිරීමට අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවේ  විමර්ශණ නිලධාරින් කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා  තිබුණි.

පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන  සැකකරුවන  සහරාන් හසීම් නමැත්තාගේ සොහොයුරා වු මොහොමඩ්  රිල්වාන් නැමැත්තා විසින්  2019.04.19 දින රාත්‍රියේ  සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක  මාරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගැනීමෙන් ළමුන්  ඇතුලු 17  දෙනකු මියගොස් තිබුණි.

පාස්කු ප්‍රහාර මාලාවේ  විමර්ශනවලදී සාරා ජෙස්මිනීන් නැමැත්තිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු ඇය මියගොස් ඇති බවට මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.

මරාගෙන මැරෙන බෝම්බය පිපිරීමෙන් මියගිය පිරිස අතර  සාරා ජෙන්ස්මීන් සිටියේ ද යන්න නිෂ්චිත වශයෙන් හදුනා ගැනීම සදහා මෙම  පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.

අම්පාර පොදු සුසාන භූමිය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබූ අතර, අම්පාර නගර සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් සහ කම්කරු පිරිසක් මේ සදහා  සහය කර ගත්හ.

ඡායාරූප -ඩී.ඥාණසිරි හෙට්ටිආරච්චිගේ


( වසන්ත චන්ද්‍රපාල ) 

 



අදහස් (3)

‘සාරා ජෙස්මින්‘ සොයන්න සයින්දමරුදු පිපිරීමේ සිද්ධියේ සිරුර ගොඩට

naushi Wednesday, 27 April 2022 01:00 PM

තවත් එක් අලුත් නාට්‍ය ජවනිකාවක් පටන් ගන්න වගේ පේන්නේ...! 

:       4       39

fairoos Wednesday, 27 April 2022 01:17 PM

මේ සැරේ නම් දෙනඑක හරියයි වගේ තමයි පේන්නේ..!

:       5       28

Sara jasmin Wednesday, 27 April 2022 01:44 PM

මම මෙහෙ හොඳින් ඉන්නවා. මගේ හෙවනැල්ලවත් ඔහේ නැහැ.

:       2       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 572 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17401 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site