(යොහාන් භාසුර)
සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ද, රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනයන් රුපියල් 10 බැගින් ද, කේක් කිලෝවක් රුපියල් 100 කින් ඉහළ දැමූ බව කී ජයවර්ධන මහතා බේකරි කාර්මාන්තයට සම්බන්ධ බොහෝ දේවල්වල මිල ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කරමින් කර්මාන්තයේ අනාගතය දෙස බලා මිල ඉහළ දැමූ බවත් සඳහන් කළේය.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ මෙම මිල ඉහළ දැමීමට විශේෂයෙන්ම මේ වන විට සීනි මිල ඉහළ යෑම මෙන්ම කිලෝ 37.5 විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල මාස දෙකට පමණ පෙර රුපියල් 900 කින් පමණ ඉහළ දැමීම දැඩි බලපෑමක් කළ බවත් පාන් පිටි මිල සුළු වශයෙන් ද ඉන්ධන සහ මාගරින් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන සඳහා වන අමුද්‍රව්‍ය මිල වැටී ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන් කන 69 ලක්ෂයට ලක්ෂ 345 ක නවෝදයක් .සුබ අනාගතයක්
අපිටත් කියාවිද දන්නෙ නෑ පාන් නැත්තම් කේක් කන්න කියලා , ඒ තරමට මාර දැනුමක් තියෙන්නෙ මිනිස්සුන්ගෙ දුක ගැන
අර 'දැන් සැපද?' කියලා අහපු නාම්බා කොහෙද දන්නේ නෑ ඉන්නේ.
එදා වේල හොයාගෙන කන දුප්පත් මිනිස්සු ගැන පුදුම ආදරයක් තියෙන්නේ මේ ආණ්ඩුවට
දැන් පාන් නැත්නම් කේක් කන්ඩත් බෑ . ඒකත් 100 කින් වැඩි වෙලානේ
අර අනුරාධපුරේ නළු මන්ත්‍රී තමයි මේකට විසඳුමක් ගෙන එන්න පුළුවන් මිනිහා. ඒ හාදයා තමයි පරිප්පු ගණන් ගිය වෙලාවේ, හොඳම විසඳුමක් විදිහට ඉරිඟු උයලා කන්න පුළුවන් කියලා හොයාගත්තේ.
අවුලක් නෑ.සෞභාග්‍යය ගැන හිත හිතා අපි කේක් කමු.
අවුලක් නැහැ යහපාලන ආණ්ඩුව වගේ නෙවෙයි මේ අය
,මේ රටේ දුප්පත් හා මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් ආර්ථික පීඩනයකට හසුවී ඇත්තේ මේ රටේ තිබෙන බදු ප්‍රතිපත්තියේ ඇති වැරද්දක් නිසා. මේ රටේ ක්‍රීයාත්මක වෙන්නේ පොසතාගේ සුකොපබෝගී භාණ්ඩවලට දුප්පතා බධු ගෙවන ක්‍රමයක්. මේ රට මේ තරම් අසරණ වීමට මේ රටේ ඉහල වැටුප් ලබන සියල්ලන්ම දායක වෙලා ඇති බවක් පෙනෙන්න තියෙනවා. එය සිදුවන්නේ ඉහල වැටුප් ලබන පුද්ගලයනගේ අත මිට ඇති මුදල් අතිරික්තය නිසා ඔවුන් අත්‍යාවශ්‍ය නොවන මිල අදික වාහන සුකොපබෝගී භාණ්ඩ මිලට ගැනීමට පෙලබෙනවා. එවිට ලංකාවේ ධනය පිටරටට ගලාගෙන යෑම නිසා ඩොලරය ඉහල යනවා. එවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉහල යනවා. එවිට බඩු මිල ඉහල යනවා. එහෙම බලන කොට දනවතුන්ගේ බධු වක්‍රව ගෙවන්නේ දුප්පත් මිනිස්සු වගේ පෙන්නේනේ.
දැන් සැපද.?
පාලකයින්ට ප්‍රශ්න නැහැ... ඒ ගොල්ලෝ කේක් කනවානේ...!!!
තව කඩ වහපල්ලා.. රටින් ගේන බඩුවලට දවසින් දවස වැඩි කරනවා. දැන් හාල් ගේන්නෙත් පිටරටින්... කෝ කෘෂිකර්ම ඇමැති?
මොක වැඩි උනත් කමක් නෑ .පුන්නක්කු නම් ගණන් වැඩි කරන්න එපා අපේ බුදු සර්