IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


සියලුම පළාත් සභා මැතිවරණ මැයි 31ට පෙර

(අජන්ත කුමාර අගලකඩ)

සියලුම පළාත් සභාවල මැතිවරණ ලබන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (29) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.

ජනාධිපතිවරයා විශේෂ කැබිනට් සංදේශයක් ලෙස ඒම යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභාවල සහ නිල කාලය අවසන්වීමට නියමිතව ඇති පළාත් සභාවල මැතිවරණය මැයි මස 31 වැනිදාට පෙර එකවර පැවැත්විය යුතු බවට සහ පැරණි අනුපාත ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතු බවට ද එමගින් යෝජනා කර ඇත.

මේ අතර පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාරදිමේදී අපේක්ෂක ලැයිස්තුවේ කාන්තා නියෝජනය 25% ක් විය යුතු බවද ජනාධිපතිවරයා සිය යෝජනාවෙන් ඉදිරිපත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එම කැබිනට් සංදේශය ලබන සතියේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

සබරගමුව,නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් තුනේ නිල කාලය ඉකුත් 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වුණ අතර මධ්‍යම,වයඹ සහ උතුරු යන පළාත් සභා තුනේ නිල කාලය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් විය.

දකුණු පළාත් සභාවේ නිල කාලය ලබන අප්‍රේල් 10 වැනිදා ද , බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ලබන අප්‍රේල් අගදී ද , ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිතව ඇත.

 

 



අදහස් (25)

සියලුම පළාත් සභා මැතිවරණ මැයි 31ට පෙර

dhamneth Tuesday, 29 January 2019 03:18 PM

හොඳ යෝජනාවක් ශ්‍රී .ලං.නි.පක්ෂය නේද පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වනවාට විරුද්දව සිටියේ. දැන් එහෙමනම් ප්‍රශ්නය නිරාකරණය වුණා

:       1       103

Ruwan Tuesday, 29 January 2019 03:51 PM

අපි අපේ වටිනා ඡන්දය ඉතා බුද්ධිමත්ව භාවිතා කරමු!

:       5       124

Amila Tuesday, 29 January 2019 04:34 PM

එජාප ය ඕක අනුමත කරන්නෑ. මොනවා හරි කිය කිය මඟහරිනවා විශ්වාසයි.

:       1118       1188

Ratnamalala Tuesday, 29 January 2019 05:48 PM

මේක මේ පවතින තත්වය පාලනය කරන්න ගෙනාපු උගුලක් වෙන්න බැරි නැහැ.

:       19       162

vidya Tuesday, 29 January 2019 06:28 PM

අපි දැන් වයසට ගිහිල්ලා. අනේ තරුණ ළමයිනේ උගත්තු සොයලා පළාත් සභාවට එවන්න. නැත්නම් අපේ අතීතය වගේ ඔබලාගේ අනාගතය ඔබලම තමයි විනාශ කරන්න උදව්කරන්නේ. ඔය 50 හට වැඩි අය ගෙදර යවන්න. පෙබරවාරි 4, කාටද නිදහස ලැබුනේ. 1956 ඉඳලා කරපු වින්නැහිය අද තවමත් ඉදිරියටම කෙරෙනවා.

:       0       123

liyanage Tuesday, 29 January 2019 09:56 PM

ජනාධිපතිවරයාට තිබෙන්නේ පළාත් පළාත් සභා මැතිවරණය ලංකාව පුරා එකවර පැවැත්වීමට කටයුතු කිරීම නොව කෝටි ගණනින් මුදල් විනාශ කරන රටටත් වැඩක් නොමැති මහජනයාටත් සේවයක් නොමැති වසර 30 කට පෙර පිහිටුවන ලද පළාත් සභා ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යනාවාද කියා ජනමත විචාරණයක් පවත්වා රටවැසියාගෙන් දැනගන්න

:       1       302

SriyalWednesday, 30 January 2019 07:20 AM

පළාත් සභා ක්‍රමය ජනතාව අනුමත කලේ නෑ. උගත් නීති විශාරදයන් විසින් නූගත් ජනතාව වෙත පටවපු දෙයක්. ජනතා පරමාධිපත්‍යය හෑල්ලු කිරීමක්. මේ ක්‍රමය ගැන කිසිම පාර්ලිමේන්තුවකින් ජනතා අදහස් ඇහුවෙ නෑ. ඔවුන් කලේ ජනතා ප්‍රශ්න අමතක කර ඔවුන්ගේ පැවැත්ම හදා ගත්ත ගත්ත එකයි. ඉදිරියට කරන්නේත් ඒකමයි. ප්‍රධාන පක්ෂ වල පැවැත්ම මේමත රදා පවතී.

:       0       152

AmilaThursday, 31 January 2019 02:26 AM

අනිවාර්යයෙන්ම. පාලත් සභා වල බලතල ප්‍රාදේශීය සභා සහ මද්‍යයම රජයට පවරගෙන ඕක අහෝසි කරලා දාන්න ඔන. දැන් පලාත් සභාවල කල් ඉකුත් වෙලා එවයේ නියෝජිතයන් නෑ කියලා කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ නේ. ඒ කියන්නේ පාලාත් සභා වැඩක් නෑ කියලා තමයි.

:       0       0

Thilina Wednesday, 30 January 2019 01:30 AM

මොනවද ඔට්ටු එජාපය මේක සම්මත කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඡන්දයට බයේ ඡන්ද කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය නම් වේ

:       23       121

Lal Wednesday, 30 January 2019 03:06 AM

පලමුව,පළාත්සභාවල, මැතිවරණය, දෙවනුව මහා මැතිවරණය, අවසානයට ජනාධිපති මැතිවරණය...එජාප අය වෙව්ලනවා ඇතිනේ...

:       269       185

Soma dubayi Wednesday, 30 January 2019 03:38 AM

මොකටද ඔච්චර හදිස්සි ඡන්ද තියන්න? ඊට වඩා කරන්න තියෙනවා.

:       231       121

ලක්ෂිත Wednesday, 30 January 2019 03:42 AM

වෙසක් පොසොන් ළඟ නිසා හොඳට වියදම් කරලා දන්සැල් දෙයි ඡන්දේ ඉල්ලන කට්ටිය.

:       8       95

Rohana Wednesday, 30 January 2019 06:33 AM

මේ කුඩා රටට පළාත් සභා පවත්වා ගෙන යාමත් සම්පත් නාස්තියක්. අනේ ඔය පළාත් සභා අහෝසි කරලා දමන්න බැරිද?

:       0       151

dhamneth Wednesday, 30 January 2019 08:08 AM

පළාත් සභා මැතිවරණයට සෑම පක්ෂයකින්ම රැකියා විරහිත උපාධිධාරීන් ඉදිරිපත්කරන්න. උපාධිධාරීන් පමණක් ඉදිරිපත් කල විට දැනට වඩා හොඳ සේවයක් කෙරේවි. රැකියා විරහිත උපාධිධාරීන් කොටසගේත් රැකියා ප්‍රශ්නය විසදෙනවා. ඒ වගේම ඔය උපාධිධාරීන් අතර දේශපාලන විද්‍යාව ආණ්ඩුක්‍රම රාජ්‍ය පරිපාලනය ආර්ථික විද්‍යාව ආදී දේශපාලනයේදී වැදගත් වන විෂයන් හැදෑරු අය සිටිනවා. වඩා පලදායක සේවයක් ස්ථිරයි.

:       18       83

rama Wednesday, 30 January 2019 08:46 AM

ඇයි මේ යෝජනාව අවුරුද්දකට කලින් ගෙනාවේ නැත්තේ? ආණ්ඩුවට නෙවේ මහා ජනතාවට ඕන විදියට රට පාලනය කරන්න

:       0       89

julitan Wednesday, 30 January 2019 10:03 AM

මේක මහින්දගේ බලපෑමක්...

:       14       47

Deepal Nirosh Wednesday, 30 January 2019 11:22 AM

‘සියළු පළාත් සභා ඡන්ද මැයි 31ට පෙර පැවැත්වීම“ = “මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන්ට නියමිත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම“ සමීකරණය ඔප්පු කරන්නයි මේ හදන්නෙ.

:       0       50

Perakum Wednesday, 30 January 2019 04:49 PM

කිසිම දේශපාලන පක්ෂයක් හෝ කිසිම රට වැසියෙක් පළාත් සභා වලට විරුද්ධ නොවන්නේ අැයි..? පළාත් සභා පිහිටවුවේ කාගේ වුවමනාවටද? ඉන් රටට වන යහපත කුමක්ද? ප්‍රමාණයෙන් ඇති විශාල වෙනත් රටවල බොහෝ විට ඒ ප්‍රාන්ත රාජ්‍යයක් අපේ ලංකාව මෙන් කීප ගුණයක් විශාලයි. මේ කුඩා දිවයිනට පළාත් සභා කිසිසේත්ම අවශ්‍ය නොවේ. ජනතා කැමැත්තෙන් තොරව පිහිටවනලද මේ පළාත්සභා තවදුරටත් අවශ්‍යද යනවග විමසීමට ජනමත විචාරණයක් පවත්වා නිගමනයකට පැමිණිය යුතුයයි මම යෝජනා කරමි..

:       0       0

jagath Wednesday, 30 January 2019 07:41 PM

දැන් මෙයා රාජපක්ෂලා ගහන ගහන පදේට 18 වන්නමටත් එහා නටනවා 62 දෙ ලක්සේ පවු .

:       0       0

iron Wednesday, 30 January 2019 07:44 PM

මරණ දඩුවම් චන්ද හෙට කියයි කවුද කිවුවේ පත්තරෙන් දැක්කේ කියලා

:       0       0

thridu Wednesday, 30 January 2019 07:47 PM

බොරු කියලා ලෝකවාර්තාවක් තිබ්බ ලෝක නායකයා ගේ නොබෙල් තෑග්ගට හිමියා මෙයාටද ?

:       0       0

kamil Wednesday, 30 January 2019 07:48 PM

මහින්ද නූල නටවනකොට මෙයාව නැටවෙනවා..

:       0       0

Nuwan fernando Wednesday, 30 January 2019 09:35 PM

බඩට නැති උනත් ලුණු කැඳ අපට ඕනිමයි කතිරය ඒකයි ඉහලම ආතල් එක ඕයි... සියලුම මැතිවරණ එක පත්‍රිකාවකින් එක දිනයකින් පවත්වා මේ සා ජාතික ධනයක් විනාශවීම නැවැත්වීමට හැකි බුද්ධියක් ඇති පාලකයෙකු පහලවන තුරු බලා සිටිමි...

:       0       0

Amila Thursday, 31 January 2019 02:22 AM

ඉස්සර නම් කිව්වේ පරන ක්‍රමේ එපා අලුත් ක්‍රමේ ඕන කියලා මේ යන එන මන් නැති ශ්‍රිලනිපය සහ එහි නායකයා. දැන් අායෙත් වෙනස් වෙලා. මේ ශ්‍රිලනිපය දේශපාලනයෙන් එලවලා දාන්න ඕන ප්‍රතිපත්තියක් නැති නිසා

:       0       0

sandy123 Thursday, 31 January 2019 05:14 AM

අපි සියලුම දෙනා එකාවන්ව එකතුවී අපිට මේ පළාත් සභා ඡන්දය වර්ජනය කරන්න පුලුවන්නම් පැහැදිලි පණිවිඩයක් ආණ්ඩුවට මෙන්ම සියලුම දේශපාලකයෝන්ට දෙන්න පුළුවන්. නමුත් නොවෙනා දෙයම එයයි. මෙය සල්ලි වනසන සුදු අලියෙක් විතරමයි. මේ කුඩා රටට මෙතරම් ජනතා නියෝජිතයෝ අනවශ්‍ය බව කව්රුත් පිලි ගන්නවා. දේශපාලකයන්ගේ පැවැත්මට ඒ නරුමයන් මෙය අවශ්‍ය බවට හගවමින් අපේ ඊරි මාංශය උරා ගනිමින් යහතින් වැජබෙනවා. පළාත් සභා අනවශ්‍ය යැයි සිතන උදවිය මෙයට තම අදහස් ලියන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 758 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 132 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 425 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 874 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 509 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 734 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site