IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සියලු සමාගම් අවසන් ප්‍රතිලාභියා හෙළි කළ යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

සමාගම් පණතේ ලියාපදිංචි වී ඇති සියලු සමාගම්  අවසන්  ප්‍රතිලාභියා කවුදැයි මාස හයක් ඇතුළත රජයට දැනුම් දිය යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන 

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"අප රටේ සමාගම් හරහා සිදුවන වංචා දූෂණ ගැන විවිධ කතා අහන්න ලැබෙනවා. ඒ නිසා අපි මෙ සංශෝධන සිදු කෙරෙනවා.ගෙවල් වල ඉන්න රියැදුරු මහතුන්ගේ නමින් ද කොම්පැනි ගත්ත ඉතිහාසයක් තිබෙනවා.එමෙන්ම මුදල් විශුද්ධිකරණය ගැන කතා අප අහල තිබෙනවා.

ඩේසි ආච්චිගේ කතාවත් ඒ වගේ එකක්.මුදල් රැස් කරන මාර්ග කියන්න බැරි වුනාම අහක ඉන්න කෙනෙක් අල්ලනවා.ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳවත්, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙනුත් අපි කටයුතු කරනවා. අපට ලෝකයේ මූල්‍ය ආයතනය සමඟ ගනුදෙනු  කරද්දී ඇතිවන බාධා වැලැක්වීමත් මේ සංශෝධනයේ අරමුණක්.

සමාගම් පණතේ ලියාපදිංචි වී ඇති සියලු සමාගම් මාස හයක් ඇතුළත ඔවුන්ගේ මෙහෙයවන්නා ,හසුරවන්නා,අවසන්  ප්‍රතිලාභියා කවුදැයි රජයට දැනුම් දිය යුතුයි. වත්කම් සඟවන තැනැත්තන්ගේ වත්කම් හෙළි කිරීමට මේ පනත මගින් නීතිමය පසුබිම සැලසෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (4)

සියලු සමාගම් අවසන් ප්‍රතිලාභියා හෙළි කළ යුතුයි

ගුණරත්න Wednesday, 23 July 2025 07:14 PM

පැලවත්ත සමාගමේ බිලියන ගාණක් වටිනා තැන්පතු සඳහා දායක වුනු අය කවුද කියල කිව්වොත් තවත් හොඳයි.

:       1       1

Ahmed (Gulf) Wednesday, 23 July 2025 08:01 PM

මාස 06 කල් වැඩියි. දවස් 15ක් දෙන්න... මෝඩ විදිහට වැඩ කරන්න දෙන්න එපා...

:       2       0

Srinath Wednesday, 23 July 2025 08:04 PM

ගොඩක් හොඳයි. නියමයි NPP රජය...

:       1       1

සුමන Wednesday, 23 July 2025 09:47 PM

ඒ ගමන් පැලවත්තෙ අරමුදලෙ අවසන් ප්රතිලාභියොත් හෙලි කරන්න සහෝ....

:       6       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 335 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site