
(නිමල කොඩිතුවක්කු)
ගොවීන්ගේ හා ඊට අදාළ සියලු පාර්ශවයන්වල අදහස්, යෝජනා සහ උපදෙස් ලබාගෙන නව පොහොර ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.
ඛේදවාචකයන්ගෙන් පවා ප්‍රයෝජන ගන්නා ගජ මිතුරු බලවේගවලට රටේ සිදුවන ඛේදවාචක වසන්තයක් කරගැනීමට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත් ජයසූරිය මහතා සඳහන් කරයි.
"රටේ වර්තමාන තත්ත්වය ගැන සුළුවෙන් තැකිය යුතු නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එම බියකරු තත්ත්වය ගැන අපිව දැණුවත් කර තිබෙනවා. ඒ නිසා රටක් වශයෙන් අප ගත කරන්නේ ඉතාමත්ම වගකීමකින් හා කාර්‍යක්ෂමව කටයුතු කළ යුතුව ඇති කාල වකවානුවකයි. නමුත් එවැනි පරිසරයක් රටේ දකින්නට තිබෙනවාද කියන ගැටලුව මෙතනදි මතුවෙනවා.
ඉදිරි දින කිහිපය තුළ සයිනොෆාම් හා ස්පූටිනික් එන්නත් විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිත හෙයින් රජයේ එන්නත් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැක. නමුත් එය දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව විද්‍යානුකූලව සිදුකළ යුතුයි.
ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය පිළිබඳ ජනාධිපතිවරයා විසින් දැඩි තීන්දු ගෙන තිබෙනවා.
ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට හදිසි තීරණ ගෙන සති කිහිපයකින් බලපවත්වන ආකාරයට පොහොර භාවිතය සම්බන්ධව ප්‍රතිපත්ති සකස් කර නැහැ.
මීට අමතරව ඇතැම් විදේශ රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම සඳහා ද සැලසුම් සකස් කර ඇති බව වාර්තා වී තිබෙනවා. එය රටට විශාල වශයෙන් හානි වීමට ඉඩ තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොම තමයි අන්තිමට ඉතුරු වෙන්නේ ආයුබෝවන්...
වැදගත් අදහසකි. මෙම හදිසි තීරණ නිසා සාගින්නත්, කෘෂිකාර්මික අංශයේ රැකියා අහිමි වීමත් වැළැක්විය නොහැක...
ඉස්සර තමයි රසායනික පෙහොර වලින් පිළිකා ඇතිවුනේ... දැන් එහෙම වෙන්නේ නෑ..
දැනට භාවිතා කරන බීජ ප්‍රභේද රසායන පොහොර නැතිව වවන්න අපහසුය. කරුණාකර අපේ පාරම්පරික බීජවර්ග අපට සොයලා දෙන්න. එහෙම බැරිනම් රසායනික පොහොර සොයා දෙන්න. එසේ නැතිනම් වසර අවසානයේ විශාල සාගතයක් ඇතිවේවි..!!!
කිරි දරුවන්ට පවා බොන්න දෙන කිරි පිටි ටිකටත් වස දාලා වික්කා, අදටත් හෙනයක් නැතුව ඒකම කරන් යන ලොකු උන්නැහැ ගැන කවර කතාද? ගෙන්නනවා ඇති තියන ජරාම, ආර්ථික වාසි වැඩිම කුණු ගොඩක්. ඔය පව් නිසා තමයි තමන්ගෙ බිරිඳ, දරුවන් තමන් බලන් ඉද්දීම දුක් විඳලා මැරෙන්නේ...
මේ රජය අත තියන සෑම දෙයක්ම වන කරනවා. අපරාදේ කාලය නාස්ති කරනවා. කොරෝනා වසංගතය මර්දනය වෙනුවට ආදාහනයද, භූමදානය ද යි ප්‍රශ්න ඇතිකරලා වසරක් නාස්ති කළා. දැන් කොරෝනා පාලනය අසීරු මට්ටමේ... දැන් පොහොර ප්‍රශ්නය ඇති කරලා කාලය නාස්ති කරමින් සිටියි...
ඔය කියන ‘පොහොර‘ ප්‍රතිපත්තියේ ‘පො‘ යන්න අයින් කළොත් කොහොමද?
මේ රජය රටේ දැවෙන ප්‍රශ්නයක් වන කොරෝනා ප්‍රශ්නය කලට වේලාවට නිෂ්පාදනය කරන සමාගම්වලට ඇතිතරම් මුදල් ගෙවා එන්නත් ඇණවුම් නොකිරීම නිසා වැඩේ වන කරගෙන... කහ ප්‍රශ්නය, පොහොර ප්‍රශ්නය වැනි නැති ප්‍රශ්න මවමින් ජනතාව දිගින් දිගටම අගාධයේ පතුලටම ගෙන යනවා. පොහොර ගෙන්වීමට වියදම්වන මුදල් මෙන් සියගුණයක් ආහාර ගෙන්වීමට වියදම් කරන්න වෙන බව තේරුම් ගන්නේ නැහැ. දැන් ගොවීන් වවන දෙමුහුම් ප්‍රභේද, රසායන පොහොර හා දිලීර නාශක නැතිව වවන්න බැහැ. රසායනික ද්‍රව්‍ය වලින් ඈත්වීම හොඳ දෙයක්.. නමුත් මේකට දීර්ඝ කාලීන විධිමත් සැලසුමක් අවශ්‍ය වෙනවා. මේ කොරෝනා අස්සේ ඕවා කරන්න බැහැ.
හැම එක්කෙනාම සනසන්න ගියොත් කාවවත් සනසන්න බැහැ.