(සුජිත් හේවාජුලිගේ )

ඔළුවිල් ධීවර වරායේ කැණීම් කටයුතු සඳහා යොදවාගත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ "සයුරි" යාත්‍රාව  වෙනුවෙන් වරාය අධිකාරිය  රුපියල් දෙකෝටි  හතළිස් අට ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම යාත්‍රාව එම කැණීම් කටයුතු සඳහා යොදවා ගෙන ඇතැයි පැවසෙන්නේ 2016 වර්ෂයේ දෙසැම්බර් 16 වැනිදා සිට 2017  වර්ෂයේ මාර්තු 9 වැනිදා දක්වාය.

මේ වෙනුවෙන් ගිවිසුමක්ද අත්සන් කර නොතිබූ බව පවසන විගණන  අංශ වරාය අධිකාරියෙන් සංස්ථාවට ලැබිය යුතු මෙම මුදල මේ  දක්වා අයකර ගැනීමට නොහැකිව ඇතැයි සඳහන් කළේය.