මේ වසරේ දී ආර්ථිකය සියයට පහක පමණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මේ වසරේ හයවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය.
මේ වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සියයට පහක ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර බවත් පසුගිය වසර එකහාමාරක හෝ ඊට වැඩි කාලයක් තුළ ලබාදුන් සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය සහන මෙන්ම සුවිශේෂී මූල්‍ය උත්තේජක මෙම වර්ධනයට සඳහා සහාය ඇති වී ඇති බවත් හෙතෙම කීය.
‘කොවිඩ්-19’ වසංගත තර්ජනය හමුවේ වුවද මෙම වර්ධනය ලබාගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඉහත කී සහන නිසා බව ද ඔහු කීය.
ආර්ථික වර්ධනයට සහ ඉහළ ණය ප්‍රසාරණයට ආධාර දුන් මෙම ක්‍රියාවලියේ යම් යම් අතුරු විපාක ඇති වූ බවත් විශේෂයෙන්ම විදේශීය අංශය සම්බන්ධයෙන් සහ සාමාන්‍ය වශයෙන් සමස්ත සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් ද අසමතුලිතා ඉස්මතු වන ආකාරය දක්නට ලැබුණු බව ද හෙතෙම කීය.
වෙළෙඳ හිඟය පුළුල් වීම, දේශීය සහ විදේශීය පොලී අනුපාතික අතර විෂමතා, විධිමත් සහ අවිධිමත් වෙළෙඳපොළ තුළ පවතින විනිමය අනුපාතික, නිල විනිමය අනුපාතිකයෙන් වෙනස්වීම ඒ අතර දක්නට ලැබුණු වැදගත් කරුණු බව ද ඔහු කීය.
විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඇති වූ අහිතකර සමපේක්ෂණ (අහිතකර අදහස්/මත හුවමාරු වීම්) නිසා ඇති වන අනිසි ප්‍රතිඵළ සම්බන්ධයෙන් සඳහන් කළ යුතු යැයි මහ බැංකු අධිපතිවරයා කීවේය.
‘කොවිඩ්-19’ වසංගතය මර්දනය සඳහා එන්නත් ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළ දිරිගන්වන සුළු වුවත් කලින් බලාපොරොත්තු වූ ප්‍රමාණයෙන් සංචාරක කර්මාන්තය ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමක් ගෝලීය තත්ත්ව සැලකීමේදී පෙන්නුම් නොකරන බව ද හෙතෙම කීය.
ඊට අමතරව විධිමත් මාර්ග ඔස්සේ කරනු සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල මන්දගාමී බවක් දක්නට ලැබුණු බව ද ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජීවත්වන මිනිසුන්ට නොදැනෙන ආර්ථික වර්ධනයේ අර්ථයක් නැහැ.
මේ යකාට පිස්සුද? නැත්නම් මට පිස්සු ද? සමහර විට වයසත් බලපානවා මේ වගේ කතාවලට.
විහිලු කරනවද දේශමාන්‍ය මහාචාර්ය තුමා?
ශා නියමයිනේ .හැබැයි අපිටනම් දැනෙන්නේ ඔය ගණන ඍණ විය යුතු බවයි
ඔබතුමාලා කියනවා .අපි අහනවා .ඇත්ත දන්නේ අපේ පොකැට්ටුව විතරයි
ඒ පසුගිය වසරට සාපේක්ෂවද? නැතිනම් ඔබතුමාත් බොරු කියන්න පටන් අරන්ද?
බංගලියන්ගෙන් ලෝකෙන්ම මුලින්ම ණය ගත්තු රට ලංකාව වෙච්චි එකේ තව මොන ආර්ථික වර්ධනද මහත්තයෝ..?
කටින්ද ?