
(විමුක්ති එස් රුද්‍රිගු)
ආනයනය කරන මෝටර් රථයක් සඳහා රේගු ආනයන බද්ද මත පනවා තිබූ සියයට 50ක අධිභාරය එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.
මෙරටට ආනයනය කරනු ලබන වාහනයක් සඳහා අය කරන ආනයන බද්ධ මත සීයයට පනහක අධිභාරයක් පැනවීමට පසුගිය මැයි 15 වැනිදා රජය තීරණය කළ අතර එය අද(15) දක්වා බලාත්මක විය.
වාහන ආනයනය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන 7 ක පමණ වාහන ප්‍රමාණය මෙරටට ආනයනය කෙරුණු අතර එය ශ්‍රී ලංකා රුපියලටද විශාල පීඩනයක් එල්ල කළේය. ඒ සමග රජය මාස තුනක කාලයක් සඳහා මෙරටට ආනයනය කරන වාහන සඳහා පනවන ආනයන බද්දට සියයට පනහක අධිභාරයක් පැනවීමට කටයුතු කළේය.
ආනයන බද්දට සීයට පනහක් අධිභාරයක් පැනවීමත් සමග දිනකට මෙරටට ආනයනය කරනු ලබන වාහන වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.9 දක්වා පහළ වැටී තිබිණි.
අධිභාරය පිළිබඳ අදහස් දක්වෙමින් ආනයනකරුවන් මීට පෙර ප්‍රකාශ කර සිටියේ අධිභාරය හේතුවෙන් ඉදිරියේදී වාහන මිල සුළු වශයෙන් ඉහළ යනු ඇති බවයි.
වර්තමානයේ ප්රදර්ශනාගාරවල තිබෙන්නේ අධිභාරය පැනවීමට පෙර ගෙන්වූ වාහන බවත් ඉදිරියට පැමිණෙන වාහනවල මිල ඉහළ යනු ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd