(ඩයනා උදයංගනී)
රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායකධූරයේ ඉදිරියටත් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විරෝධතාවයක් නැතැයි එම පක්‍ෂයේ මහලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය.
ආණ්ඩුවේ ඇමති තනතුරුවලින් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කළත්, රංජිත් සියඹලාපිටිය මහතා දරණ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකධූරය මෙන්ම අංගජන් රාමනාදන් මහතා දරණ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිධූරය ආණ්ඩුවෙන් දුන් තනතුරු නොව පාර්ලිමේන්තු ඡන්දයෙන් පත්කරගත් තනතුරු බැවින් ඔවුන් ඒවා දැරීමට කැමති නම් පක්‍ෂයට ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි ද මහලේකම්වරයා කීවේය.
ඔවුන් දෙදෙනා තනතුරුවලින් ඉවත්වීම අවශ්‍ය නැති බව පක්‍ෂය මුලදීම තීරණය කළ නමුත් රංජිත් සියඹලාපිටිය මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ බව ද ජයසේකර මහතා සඳහන් කළේය.
එසේ වුවත් ඔහු ලබාදුන් ඉල්ලා අස්වීම ලිපිය භාරගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඉදිරියේදී පක්‍ෂය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ද හිටපු රාජ්‍ය ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු කරන්නේ බොරු රඟපෑමක්.