(සුජිත් හේවාජුලිගේ)

ඕස්ට්‍රේලියාවේ  සමාගමකට ගෙවීමට ඇති  ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක  ණය  මුදලක්  පිටස්තර පිරිසක් අතට  පත්වීමේ සිද්ධිය  සම්බන්ධයෙන්වූ මහ භාණ්ඩාගාරයේ  වාර්තාව  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට  යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවට අද (3) බාරදී දුන්නේය

එම වාර්තාවේ පිටපත් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ටද   බාරදී ඇත.

මහා භාණ්ඩාගාරය විසින් මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ නිවසට එවනු ලැබූ අවස්ථාවේදී  ඔහු එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර  ඊයේ  නැවතත් හරවා යවනු ලැබීය.

වාර්තාව තමාගේ නිවසට නොව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බව පවසා මෙසේ  හරවා  යැවිණ