
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව ප්රතිවහ්යුහගතකරණය කළ ණයවලින් ඕස්ටේ්රලියාවට පසුගිය වසරේ අගදී යොමුකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 25ක මුදලක් සයිබර් හැකර්වරුන් වංචනිකව ලබාගෙන ඇති බවත් ණය හිමියන් කීපදෙනකුට යොමුකළ එම මුදල් වෙනත් පාර්ශවයක් ලබාගෙන ඇතැයි පසුගිය ජනවාරි මස හෙළිකරගත් බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (23) පැවසීය.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශයේ දී අද (23) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම තොරතුරු හෙළිකළේය.
අදාළ හැකර්වරුන් රාජ්‍ය ණය කළමණාකරණ කාර්යාලයේ ඊමේල් පද්ධතියට රිංගා ඒ හරහා මෙම වංචාව කර ඇති අතර විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයක දී පසුගිය ජනවාරි මාසයේ දී හැකර්වරුන් විදේශ සම්පත් දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව අනාවරණය වූ බවත් ඒ අනුව ඊට පෙර කළ ගණුදෙනු පිළිබඳව කළ විමර්ශනයේ දී හැකරුවරුන් මෙම ඩොලර් මිලියන 2.5 ක මුදල පසුගිය වසර අගදී වංචනිකව ලබාගෙන ඇතැයි අනාවරණය වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd