
(අංජුල මහික වීරරත්න)
සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සයිබර් අපරාධ වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCC) 2024 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා සභාවේ 55 වන පූර්ණ සැසියේදී සම්මත කරන ලද අතර, එය බරපතල සයිබර් අපරාධ රැසකට විසැඳුම් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද ගෝලීය ප්‍රවේශයකි. එම නව සම්මුතියට සම්බන්ධ වීම මඟින් ශ්‍රී ලංකාවට සයිබර් සක්‍රීය අපරාධ වැළැක්වීම හා ඒවාට එරෙහිව සටන් කිරීම, සහයෝගිතාව ශක්තිමත් කිරීම, වත්කම් නැවත අත්පත් කරගැනීම, සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීම සහ තාක්ෂණික සහාය හා ධාරිතා වර්ධනය කර ගැනීම වැනි ප්‍රතිලාභ අත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව, සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සයිබර් අපරාධ මඩින සම්මුතියට ලංකාවත් එකඟ වෙයි