(තිළිණි ද සිල්වා)
දික්කසාද ලබාගැනීම සම්බන්ධයෙන් උරණ වී ඉතාලියේ සිට සයිප‍්‍රසයට ගොස් එහි සිටින සිය බිරිඳට පිහියෙන් ඇණ ඝාතනය කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු සයිප‍්‍රස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස අත්අඩංවට පත්ව ඇත්තේ ඉතාලියේ සේවයේ නියුතුව සිටි 46 හැවිරිදි ලංකිකයෙකි.
පිහිඇණුමෙන් බරපතල තුවාල ලැබූ සැකකරුගේ බිරිඳ මේවන විට සයිප‍්‍රසයේ ලිමසෝල් අගනුවර රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියි. ලාංකික කාන්තාවක වන ඇය දීර්ඝ කාලයක් තිස්සේ එහි රැකියාවක නිරතව සිටි අයෙකි.
සැකකාර ලාංකිකයා තමන්ට දික්කසාදය ලබා නොදීම සම්බන්ධයෙන් බිරිඳ සමඟ කාලයක පටන් අමනාපයෙන් පසුවී ඇතැයි සඳහන් වේ. පසුව මොහු ඉකුත් ජූලි 29 වැනිදා ඉතාලියේ සිට සයිප‍්‍රසයට පැමිණ බිරිඳ සේවයේ නිරත ස්ථානයට ගොස් මෙම පිහි ඇණුම කර ඇත. පිහි ඇණුමෙන් ඇගේ මුහුණට සහ උදරයට තුවාල සිදුව ඇත.
සැකකරුට සිය බිරිඳ සේවය කරන ස්ථානයට යෑමට සයිප‍්‍රසයේ සිටින තවත් ලාංකික කාන්තාවක් සහ සයිප‍්‍රස් ජාතිකයෙකු උදව් කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
එම පිහි ඇණුම සිදු කර යළි ඉතාලිය බලා පිටත්ව යාමට ඔහු එරට ලාර්නකා ගුවන්තොටුපළේ රැඳී සිටියදී ලැබුණු ඔත්තුවක් මත සයිප‍්‍රස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
අත්අඩංගුවට ගත් සැකකරු එරට ලිමසෝල් දිසා අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව පොලීසිය විසින් නඩුවක් ගොනු කළේය. එම නඩුව ලබන සැප්තැම්බර් 25 වනදා ලිමසෝල් දිසා අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොලිවූඩ් චිත්රපටියක් වගෙයි.
මරණයට තැත් කිරීම වරදක්,පාපයක්. නමුත් අද ශ්‍රී ලාංකික කාන්තාවන් කරන අධම වැඩ නිසා පිරිමි අසරණ වෙලා.