
(ටී.කේ.ජී.කපිල)
චීනයේ නිෂ්පාදිත "සයිනොෆාම්" එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.
මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා විසි ලක්ෂයක් , ශ්‍රී ලංකාව මිලදී ගත් ඒවා බවත් චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකාවේ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද , තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් ද , මෙම ගුවන් යානයෙන් රැගෙන විත් තිබේ.
අගෝස්තු මාසය තුළ චීනයේ සිට සයිනොෆාම් එන්නත් මාත්‍රා හැත්තෑ ලක්ෂයක්ක්, ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර , ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නත් මාත්‍රා එක් කෝටි අසූ ලක්ෂයක් ( ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.
මෙම එන්නත් තොගය භාර ගැනීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න , ශ්‍රී ලංකා යුධ හමුදපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු උසස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සිනොෆාම් ද? සයිනොෆාම්ද
ඒවා මිනිසුන්ට දීමට විශාල ප්‍රමාදයක් ඇයි, හැකි ඉක්මනින් ලබා දෙන්න, සෑම තත්පරයක්ම ඉතා වටිනවා