IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සායනික රෝගීන්ට බෙහෙත් දෙන්න තැපෑල එක් වෙයි

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබාගන්නා, මාසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නැති රෝගීන් ට ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සංවිධානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

ඇඳිරි නීති කාලය තුළ රජයේ රෝහල්වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ සැපයීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
 
මෙම ඖෂධ රෝගියා වෙත ගෙනැවිත් ලබාදීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය සහ දුරකතන අංකය ලබාදීම අත්‍යවශ්‍ය බවද එහි දැක්වේ.

අදාළ තැනැත්තාගේ සායනික පොත සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම් ,  දුරකතනය මගින් ඔහු බෙහෙත් ගන්නා රෝහලට ඇමතුමක් ලබාදී තොරතුරු යාවත්කාලීන කළ යුතු බවද, එවිට එම තැනැත්තාගේ රෝහලේ කාර්ය මණ්ඩලය  බෙහෙත් පැකැට්ටුව සකස් කර ලිපිනය, දුරකතන අංකය සඳහන් කර ලියුම් බෙදන නිලධාරිය මගින් ගෙනැවිත් බාරදෙනු ඇති බවද ජාසිංහ මහතා කියාසිටී. 

රෝහල වෙත තොරතුරු සැපයීමේදී  ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ග්‍රාම නිලධාරීගේද සහය ලබාගන්නැයි නිවේදනයේ දැක්වේ.



අදහස් (6)

සායනික රෝගීන්ට බෙහෙත් දෙන්න තැපෑල එක් වෙයි

Ajantha Friday, 27 March 2020 04:57 PM

හොද වැඩක්...

:       0       27

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 27 March 2020 06:20 PM

අපොයි මේ වගේ පොඩි වැඩක් වත් සංවිධානය කරගන්න බැරි මහ ලොකු වෛද්‍යවරු. මේ ඔවුන් රජයේ වෛද්‍ය විද්‍යාල වලින් ලබපු අධ්‍යාපනයේ ගුණාත්මක බව තමයි පෙන්න්. සයිටම් එකේ නම් අපිට මේවගේ අවස්ථා පාලනය කරන විදිය ඉගැන්නුවා.

:       44       0

lalithm Friday, 27 March 2020 08:22 PM

ලියුම් බෙදන්න බැරි තැපෑල බෙහෙත් බෙදන්නේ කොහොමද? කරන්න පුලුවන්නම් වැඩේ හොදයි. හැබැයි වෘත්තීය සමිති හිරිවට්ටන්න වෙයි ඉස්සරවෙලාම.

:       0       33

Ratnamalala Friday, 27 March 2020 09:54 PM

හොඳ අදහසක්. නිවැරදිව ක්‍රියාත්මක කිරීමයි අවශ්‍ය. මමත් සායනික රෝගියෙක්. මා ප්‍රතිකාර ගන්නා රෝහල ඇමතීමෙන් මෙම පහසුකම් ලබාගැනීමට හැකියාවක් ඇතිදැයි සොයාබලන්නම්.

:       0       0

ranjith Saturday, 28 March 2020 12:03 AM

මේ වගේ කාර්යක්ෂම ඉදිරියේදී දිගටම කරගෙන යනවානම් රෝහල් වල තද බදය අඩුකරන්න පුළුවන්.

:       0       0

rana Saturday, 28 March 2020 03:45 AM

අර සීල් එක ගහන පාරට බොන්න වෙන්නේ බෙහෙත් කුඩු නේද ? කී පාරක් ගෙන්න ගත්ත දේ විසි කරන්න උනාද ? මහා නගරයට ගොස් බඩු ගේම කරන්නේ ඒ නිසා නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 224 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 114 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 465 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site