(ජේ.කේ.එල් චාමින්ද)
රෝහල් සායන සදහා පැමිණෙන රෝගීන් සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල මගින් එම ඖෂධ රෝගීන් වෙත බෙදා හැරීම වඩා සාර්ථක බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
අලුතින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් එම කාර්යාල වෙත අනුයුක්ත කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා ඇති බැවින් ඔවුන් ද යොදවාගෙන මෙම කටයුත්ත සිදු කිරීම උචිත බව සෞඛ්‍ය ලේකම්වරයා වෙත දන්වා යවන ලෙස ආණ්ඩුකාර ලේකම් තුමිය වෙත උපදෙස් ලබා දුන්නේය.
රෝගීන් සදහා තැපැල් මගින් බෙහෙත් යැවීමට රජය ගත් තීන්දුවට වඩා ප්‍රදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල මගින් එම ඖෂධ රෝගින් වෙත බෙදාහැරිම වඩා සාර්ථක බව ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවති රැස්විමේ දි යෝජනා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අවස්ථාවක් පාලනය කරන විදිය රජයේ වෛද්‍ය විද්‍යාල වල කියා දෙන්නෙ නෑ. කොරෝනා වසංගතය පාලනය කරගන්න බැරිවී ඇත්තේ ඒ නිසා. කොරෝනා පාලනය කිරීමට නම් වහාම සයිටම් ආයතනයෙන් බිහිවූ දක්ෂ වෛද්‍යවරුන් සේවයට කැඳවිය යුතුයි.
මෙයත් ජනතාව රැස් කරන ක්‍රමයක් නේද රෝහලේ නැතත් වෙන තැනක හෝ