(ජේ.කේ.එල් චාමින්ද)
රෝහල් සායන සදහා පැමිණෙන රෝගීන් සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල මගින් එම ඖෂධ රෝගීන් වෙත බෙදා හැරීම වඩා සාර්ථක බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
අලුතින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් එම කාර්යාල වෙත අනුයුක්ත කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා ඇති බැවින් ඔවුන් ද යොදවාගෙන මෙම කටයුත්ත සිදු කිරීම උචිත බව සෞඛ්‍ය ලේකම්වරයා වෙත දන්වා යවන ලෙස ආණ්ඩුකාර ලේකම් තුමිය වෙත උපදෙස් ලබා දුන්නේය.
රෝගීන් සදහා තැපැල් මගින් බෙහෙත් යැවීමට රජය ගත් තීන්දුවට වඩා ප්‍රදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල මගින් එම ඖෂධ රෝගින් වෙත බෙදාහැරිම වඩා සාර්ථක බව ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවති රැස්විමේ දි යෝජනා විය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
සායන රෝගීන්ට ඖෂධ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින්
Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 27 March 2020 06:24 PM
මේ වගේ අවස්ථාවක් පාලනය කරන විදිය රජයේ වෛද්‍ය විද්‍යාල වල කියා දෙන්නෙ නෑ. කොරෝනා වසංගතය පාලනය කරගන්න බැරිවී ඇත්තේ ඒ නිසා. කොරෝනා පාලනය කිරීමට නම් වහාම සයිටම් ආයතනයෙන් බිහිවූ දක්ෂ වෛද්‍යවරුන් සේවයට කැඳවිය යුතුයි.
විහාන්Saturday, 28 March 2020 10:34 AM
ඔය ලස්සනට පාලනය කරගෙන ඉන්නෙ? මීට වඩා මොනවද පාලනය කරන්න පුලුවන්? පුංචි රටක් හැටියට අපි කොච්චර ඉස්සරහින් ඉන්නවද? මේ වෙලාවෙ ඩොක්ටස්ලයි එයාලගෙ ස්ටාෆ් එකයි හොඳම කැප කිරීමක් කරනව... සයිටම් එකේ අධ්‍යාපනය ගැන ඔයාගෙ කතාවලින් අවබෝධ කරගන්න පුලුවන්...
ranjith Saturday, 28 March 2020 12:05 AM
මෙයත් ජනතාව රැස් කරන ක්‍රමයක් නේද රෝහලේ නැතත් වෙන තැනක හෝ