
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අරමුදලින් සල්ලි ගත්තු සමහර ඇමතිවරු ඇත්තටම මුදල් අමාරු අය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.
ඒ අය ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දහය ලක්ෂ විස්ස ලක්ෂ තිහ වශයෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ඒ අයට ආධාර කළ එක හොඳ බවද සඳහන් කළේය.
සමහර මැති ඇමතිවරුන් බලය පාවිච්චි කර ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 2300 400 ගත්ත එක වරදක් බවත් එය මුදල් අවභාවිතාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය
සල්ලි තියෙන මැති ඇමතිවරුත් එතනින් මුදල් ලබාගෙන තිබූ බවත් තමා එම අරමුදලින් සත පහක් ලබාගෙන නැති බවත් දිසානායක මහතා පැවසීය.
නමුත් හෘද රෝගීන් වකුගඩු රෝගීන් වෙනුවෙන් තමා මැදිහත්වී එම අරමුදලින් මුදල් ලබා ගෙනදී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා සාමාන්‍ය මිනිස්සුන්ට එම අරමුදලෙන් මුදල් නිකුත් කරන්නේ හෑලි මෑලි විදියට බවද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරමුදලෙන් මුදල් දින කිහිපයක් ඇතුළත නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ බවත් එයාගේ කළ යුතු බවත් ඔහු පැවසීය.
දිසානායක මහතා මෙසේ පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමහර ඇමතිවරුන්ට ජනපති අරමුදලින් සල්ලි දුන්නු එක පිනක්
විදුර Thursday, 26 December 2024 01:32 PM
වෙල්ලස්සේ බූරුවා...
Lakmal Thursday, 26 December 2024 02:06 PM
තොපි වගේ ගොන්නු මෙච්චර කල් නඩත්තු කරාට අපිට කොහොම පින් ලැබෙන්න ඕනිද?
දීපාල් Thursday, 26 December 2024 03:59 PM
මෙයා ගැන තව හෙව්වනම් හොඳයි වගේ ... හොරුන්ගෙ පුරුද්දක්.... අහුවෙන්න ඉස්සෙල්ල වෙන පැත්තකට ලනුව දීල බලන එක...
Nishan Sunday, 29 December 2024 11:51 AM
මේ ආණ්ඩුවේ මැති ඇමැතිලා මේකෙන් මුදල් නොගෙන ඉඳීවිද? මොකද එයාලා පඩි ගන්නෙත් නැති නිසා අනිත් හැමෝටම වඩා මුදල් අමාරුකම් ඇත්තේ එයාලාටයි.