
(නිමල් ජයරත්න)
මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් මෙන්ම විහාරස්ථානයේ දායකයන් 60 ආසන්න පිරිසක් කොටුවී සිටිති.
සෝමාවතීය පුදබිමේ සිටින එම සිටින එම පිරිසට දින කිහිපයකට අවශ්‍ය වියළි ආහාර විහාරස්ථානයේ පවතින බවත්, වියළි ආහාර අවශ්‍යතාවයක් ඇති වුහොත් ඒ සඳහා ඉතා කඩිනමින් ලබාදීමට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇති බවද ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
සෝමාවතිය විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා කිහිප නම විසින්, මෙන්ම එහි රැඳී සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව බෝට්ටු ආධාරයෙන් ගොස්, උදෑසන හා දහවල් බුද්ධ පූජාව පැවැත්වීමට කටයුතු කරගෙන තිබේ.
මහවැලි ගඟ සෝමාවතිය ප්‍රදේශයෙන් පිටාර ගැලීමත් සමග මීට දින කිහිපයකට පෙර අඩි හයක් පමණ ජලයෙන් යටව පැවති සෝමවතිය පුද බිම 28 වෙනිදා සවස් වනවිට අඩි හතරක් පමණ එම ජලකඳ පහත බැස ඇති බව කොට්ඨාශ ආපදා සහන සේවා නිලධාරී දිනේෂ් ඉන්දික මහතා පැවසීය.


2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝමාවතියත් යටවේ