(ඩබ් ඒ පියතිලක)
තාවකාලිකව වසා දමා තිබූ සෝමාවති පුදබිමට පිවිසෙන මාර්ගය අද (14) සිට යළි විවෘත කරන බව පොලිසිය කියයි.
පැවැති අධික වර්ෂාව හෙතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලිම නිසා සෝමාවතිය පුදබිමි මාර්ගය ඉකුත් 07 දින සිට වසා දමා තිබු බවත් මේ වන විට මාර්ගය යථා තත්වයට පැවැති ඇති බැවින් (14) දින සිට සෝමාවතිය වැද පුදා ගැනීම සඳහා නැවත එම මාර්ගය මාර්ගය විවෘත කළ බව පුලස්තිපුර පොලිසිය සඳහන් කළේය.
ඉකුත් දිනවල පොලොන්නරුව ඇතුඑ විවිධ ප‍්‍රදේශවල පැවැති අධික වර්ෂාව හෙතුවෙන් ජලාශ සහ වැවි පිරි යෑම හේතුවෙන් එහි වාන් දොරටු විවෘත කිරිම නිසා එහි ජලය මහවැලි ගගට මුදා හැරීමෙන් මහවැලි ගග පිටාර ගැලිමෙන් සොමාවැතිය පුද බිම සහ එම මාර්ගය ජලයෙන් යටවිම නිසා එහි පැමිණෙන බැතිමැතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගය ඉකුත් 07 වෙනි දින සිට 13 දින දක්වා වසා දමා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd