
(ෂේන් සෙනෙවිරත්න)
සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කළහ.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මල්වතු පාර්ශ්වයේ මහානායක, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර මහා සංඝ සභාවේ මහානායක සහ මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව එම යොමු කොට ඇත.
රටේ සංස්කෘතික අනන්‍යතාවයන් , ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්සාහ කරන්නේ නම් එය රාජ්‍ය ආරාජිකවීමට මෙන්ම සමාජ බිඳවැටීමට බලපාන බව චක්කවත්ති සිහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇත .
ධර්මද්වීපය ලෙස පෙරාපර දෙදිග සම්භාවිත ශ්‍රී ලංකාව බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගෙන් පෝෂණය වූ විශිෂ්ට සංස්කෘතික උරුමකම් කියයි.
දානය, ප්‍රිය වචනය, අර්ථචරියාව හා සමානත්වතාව යන යන සතර සංග්‍රහ වස්තූන් මත ගොඩනැගුණු එකී ලාංකේය සංස්කෘතියේ මෞලික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීම රාෂ්ට්‍රිය සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය සාධකයකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහානායක හාමුදුරුවනේ මේ නොදන්නා කමටයි අහන්නේ, එතකොට පංසල ඇතුලේ සිදුවෙන අකටයුතුකම් ඕවාට අදාල නැද්ද?
ඉතාම වැදගත් ඉල්ලීමක්...
පෙර අකුසලයකට සමරිසි වුණාට ඒක රටටම ගළපන්න යන්නේ නැතිව තමන් කැමැති දෙයක් රහසින් කරගෙන ගියානම් ඉවරනේ... මංගලයා ඉන්න කම් දැඟලුවේ මේකට... අශ්වයාට අං ආවා වගේ ගෙදර ගිය මනුස්සයා නායකයා වුණානේ...!
සමරිසිවරුනි, වරියනි, තව පෝය කීපයයි. මාලිමා රජයක් යටතේ ඔබගේ අවශ්‍යතාවන් ඉටුකර දෙන්නෙමු. මහානායක උන්නාන්සේලාගේ අනුශාසනා යටතේ රට පාලනය කිරීමට අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමා කැබිනෙට්ටුව කටයුතු නොකරනු ඇත...
හැම මගුලටම මෙයාලා හොට දානවා. හෙට හැමෝම සිරිකොතට එන්න. මෙයාලාට විරුද්ධව පියවරක් ගනිමු.
ප්‍රතිචාර අදහස් කියවද්දී තමයි තේරෙන්නේ ලංකාවේ ඉන්නේ මොනතරම් නොදියුණු ජාතියක්ද කියලා. සමරිසි යනු පුද්ගලයෙකුගේ පුද්ගලික දෙයකි.
මහනායක හාමුදුරුවරුන්ට පුළුවන් කමක් තියෙනවද මේ විදිහට මිනිස්සු ඉපදෙන එක නවත්තන්න. එහෙනම් මේක කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ. මනුස්සයෙක් ලාභ උපන් විදිහට තමයි මේක සිද්ද වෙන්නේ.
ගොඩදෙනෙක් සමලිංගිකයෝ කියලා දන්නේ අදනේ...!
සමරිසි විවාහයකට වැඩිය සමාජ පරිහානිය සිදුවන දේවල් අපේ රටේ සිදු වෙන්නේ නැද්ද හාමුදුරුවනේ? කුඩු මුදලාලිලාට, එතනෝල් කාරයින්ට සහ දූෂිත දේශපාලකයින්ට පිරිත් නූල් බැඳ බැඳ ඔවුන්ට ආශීර්වාද කරන ගමන් මෙවැනි දේකට විරුද්ධවීම සදාචාර සම්පන්නද?
සංඝාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන්න