
(සුජිත් හේවාජුලිගේ)
ජාතික තරුණ සේවා සභාව “ස්මාර්ට් යූත්” නමින් හැදින්වූ අවුරුදු උත්සව සඳහා ඇස්තමේන්තු ගත ප්‍රමාණය ඉක්මවා අනුමැතියකින් තොරව රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් වැය කර ඇතැයි එම සභාවේ කටයුතු සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම විශේෂ විගණන වාර්තාවේ දැක්වේ.
බණ්ඩාරවෙල නගරයේ පැවති සංගීතමය වැඩසටහනකට අවශ්‍ය සේවා කුලී පදනම මත සපයා ගැනීමේදී අමතර ගෙවීමක් හේතුවෙන් රජයට ලක්ෂ තිහකට වැඩි මූල්‍යමය අලාභයක් සිදු වූ බව පවසන එම වාර්තාව ඉහත මුදල වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගත යුතු බවටද නිර්දේශ කර අැත
ස්මාටි යුත් සංගීත හා ප්‍රසංග වැඩසටහන සජීවීව පටිගත කිරීම සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දී තිබුණද එම වීඩියෝ පට සභාව සතුව නොතිබූණු අතර විගණනයට ඉදිරිපත් කිරීමටද අපොහොසත් වූ බව එම වාර්තාව සඳහන් කරයි.
කුලියාපිටිය ගාල්ල සහ මහියංගනය යන ප්‍රදේශවල පැවැත්වූ සංගීත ප්‍රසංග සහ ප්‍රදර්ශන වෙනුවෙන් වැය කර ඇති මුදල්වල මතභේදාත්මක ස්වරූපයක් නිරීක්ෂණය වන බව විගණන අංශ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd