
(අංජුල මහික වීරරත්න,සුජිත්හේවාජූලිගේ සහ යොහාන් භාසුර)
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්දයෙන් මේ වනවිට ඊට අදාළ නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බවද ජවිපෙ කියයි.
ජනතා විමුක්ති පෙරමුණ මෙසේද සඳහන් කරයි.
සිදුවීමට අදාල දිස්නා නිරන්ජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේ වී තේරී පත්විය.
ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මේ සිදුවීම සමිබන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක් වී ඇති අතර නීතිමය කටයුතු සඳහා සහය දීමක් ලෙසද රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිලිවෙලට සහයක් ලෙසටද සලකා ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්ට යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරපු, නඩුපිට නඩු වැටුණු, හොරකමටම කැපවුණු අත්දැකීම් බහුල අපේ අය නම් ජීවිතේට ඉල්ලා අස්වෙන්නෑ... අපි ඉල්ලා අස්වෙන්න දෙන්නෙත් නෑ...
ශ්‍රේෂ්ඨ කාන්තාවක්. කිසිම වංගු ගැහිල්ලක් නැතිව ඉල්ලා අස්වුණා කියන්නේ හැම දේශපාලනයින්ටම ආදර්ශයක්...
අයියෝ.., මෙහෙම ජනාධිපති කෙනෙක් ඉදලා වැඩක් තියෙනවාද? හෙලිකොප්ටරෙන් ඇවිත් කරට අත දාලා උම්මා එකක් දීලා, “ ඉන්න නංගී” කියන්න එපැයි...
"කොස්ගොඩ සුජී" කියලා කෙනෙකුගේ ඥාතියෙක් කියලා කියන්නේ කාටද එතකොට ? මෙච්චර කාලෙකට එහෙම දෙයක් කවුරුවත්ම දැනගෙන හිටියේ නැද්ද? කාගේ කාගේත් කිල්ලෝට වල හුණු පිරිලාද මන්දා...
ඉදිරියේදි, නාම යෝජනා බාරදීමේදි, සියලුම පක්ෂ මීට වඩා ප්‍රවේසම් විය යුතුයි.
හෙලිකොප්ටරයෙන් ගිහිල්ලා බදාගන්න ක්‍රමය වෙනුවට මේ වෙනස තමයි අපි දේශපාලන සංස්කෘතියේ පැතුවේ...
හ්ම්.... නම ගෑවුණු පමණින්ම ස්වකැමැත්තෙන්ම ඒදේ කරලා, සත් ගුණවත් මහත්මිය. අර තාත්තටයි පුතාටයි කසපහර දෙන්න ඕනෑ නෝනාගේ, අම්මාගේ නම්බුව කැතකළාට. හැබයි ඉතිං ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමට වඩා පරමාදර්ශී, විශාල වගකීමක් තිබෙන තනතුරක් විදුහල්පති කියන්නේ. සහ ආණ්ඩුවේ හෝ NPP එකේ කාගේවත්ම බලපෑමක් නිසා නොවෙයි, ස්වකැමැත්තෙන්, තමන් මොකුත්ම දන්නේ නැහැ... පිරිසිදුකම පෙන්වන්න කරපු දෙයක්.
එතකොට එයා බබා, මාලිමාවත් බබා...
මනම්පේරිගේ නෝනත් ලොකු කම්පනයකින් ඉන්නවා ඇත්තේ.
මෙතෙක් පැවැති දේශපාලනයේ සිටින සැමට අපූරු ආදර්ශයක්, ස්වාධීන පරීක්ෂණයකට ඉඩක්දීම හොඳම දෙයක්. මෙය අපගේ ඡන්දයෙන් අප අපේක්ෂා කළ වෙනසයි.
මෙයා හරිම අහිංසක පාටයි. සැමියා කුඩු වලින් හොයපු සල්ලි සතයක්වත් මෙයා වියදම් කරලා නෑ වගේ. ඒ සල්ලිවලින් කොටසක් පක්ෂ අරමුදලට දීලා නෑ වගේ. ආණ්ඩුව පෝලිමේ රිමාන්ඩ් කරන පහුගිය ආණ්ඩුවල අයගේ වැරැදි එක්ක බැලුවාම මේවා ඉතා ගැඹුරින් හොයන්න ඕනෑ ඉතා බරපතල දේවල්. නමුත් මේ ආණ්ඩුව යටතේ කිසි දවසක හොයයි කියලා හිතන්න බෑ. මොකද මුලින්ම මේ ආරංචිය පොලිසියට ආපු වෙලාවේ ඒක ප්‍රසිද්ධ කරන්න පොලීසිය කටයුතු නොකළ බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියලා තිබුණා. කන්ටේනර් සිද්ධියේදී වගේ මේකට සම්බන්ධ තමුන්ගේ පක්ෂයේ අයව හෙමීට පැත්තකට කරලා යට ගහනවා...
හිටපු සුව ඇමතිගේ පවුලම ඇතුළට දැම්මා වගේ මෙයාව ගන්නේ නැත්තේ සුදු නිසාද..?
අනිවාර්‍යයෙන්ම විය යුත්තක් එසේම සිදුවිය...
මේ කුඩු ජාවාරමට මාලිමාවේ අනුදැනුම හා ආශීර්වාදය ලැබුණු බව ඉතා පැහැදිලියි.
මාලිමාව සමග තිබූ අවබෝධය පරිදි ඉල්ලා අස්වීම සිදුවී ඇත...
එහෙම තමයි හරි විදිය....
ඔයා බබා... මෙන්න මේවාට ජනාධිපති නීතිය අතට ගෙන ක්‍රියාත්මක කළ යුතුයි
දේශපාලනයේ සිටින සැමට අපූරු ආදර්ශයක්, ඉල්ලා අස්වෙලා ස්වාධීන පරීක්ෂණයකට ඉඩක් තබයි. මෙය අපගේ ඡන්දයෙන් අප අපේක්ෂා කළ වෙනසයි. මතකද රාජපක්ෂලා හෙලිකොප්ටර් එකෙන් ගිහින් මීගමුවේ හාදයා බේරාගත් චිත්‍රපටිය. අද මාලිමා වෙනස රටට ගොඩක් හොඳයි.
කම්පැණියටද පත්වෙලා ඉන්නේ...
බලන්න කොච්චර විනය ගරුකද කියලා...?
දැඩි කම්පනය වුණේ අහු වුණු හින්දා වෙන්න ඇති. හරි නම් මේ ගැන රජය තරයේ හෙළා දැකලා ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන්න ඕනෑ. මේ වගේ සිදුවීම් වලින් ජනතාවගේ කම්පන අනුනාදය වුනොත් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්..
කන්ටේනර් ටික පන්නලා බඩු අතටම ගෙනත් දුන්නටත් පස්සේ මොවුන්ට අහුවෙන්නැති වෙන්න විකුණාගන්න බෑනේ අම්මපා...
ඉල්ලා අස්වීම ඉතාම ප්‍රමාදයි.. ඉවත්වනු කියලා කියපු හැටියම ඉවත් වුණා නම් තමයි හොද...
තමන්ගේ මනුස්සයට ගොඩක් සල්ලි තියෙද්දී, දරුවා හිරේ යද්දී මේ මනුස්සය කට වහගෙන හිටියේ හොර කමට .අපේ දෙමවුපියෝ නම් ,ඔවුන්ගේ දරුවෝ කුඩු විකුනනවා කියල දන ගත්ත ගමන් පොල්ලෙන් නෙලලා පොලිසියට ගෙනත් දානවා, ඒකට මේ අම්මණ්ඩි මුන්ට සල්ලි ලැබෙනවා නම් , ඕනේ පජාත වැඩක් කරන එවුන්. තාවකාලිකව හරි, මේ තත්වෙට විසඳුම සින්ගපුරුව අනුගමනය කිරීමයි
මේ අස්වැසීම ඉතාම ප්‍රමාදයි... මොකද ඉවත්වනු කියලා කිව්වා නේද? එදාම ඉවත් වුණා නම් තමයි හොද... අනික සුජී සමග සම්බන්ධයක් තියෙනවා නම් මාලිමාවෙන් ඡන්දය ඉල්ලපු එක ඉතාමත් වැරැදි වැඩක්...
එතකොට ඊබ්‍රහිම් නානාට ලොකු ලයිසන්ද? ඔච්චර දෙයක් කරලත් තවම රෙද්ද අස්සේ දාගෙන ඉන්නේ...
දෙමව්පියෝ වුණාම ළමයින්වත් යහමඟට ගන්න ඕනේ. මේක කාලෙක ඉඳන් කරලා නම් මේ මනුස්සයා දන්නේ නෑ වෙන්න බෑ...
මට එපා එපා කොළ කඩන්න ගහ දන්නවා නේද? වීදුරු කැට දිලිසුනාට මැණිකක් වෙනවාද?
රෙද්දෙම ගිහිල්ලා ඉද්දි තවමත් කොත්තුව රහයි කියන මොනරවිල, රණයා වගේ මෝඩවහල්ලු තවම සට්ටැඹිකම් කරනවා.
බලන්න වල්පැළ ගලවලා හිටවපු මල්පැළවල වෙනස. සාදු කියන්න සට්ටැම්බියනි...
මෙයා ඕවාට උදව් දුන්නා. ඒවා හොයන්න බයද අනුර...?
බලන්නකෝ එයා දුන්නු ආදර්ශය. වහල්ලු සාදු කියන්නකෝ.
හෝදපල්ලා... හෝදපල්ලා නුඹලාගේ කාලය ඇවිල්ලා...