
(උපාලි ආනන්ද සහ සිසිර කැලේගම)
ගල්නෑව මහජන ක්‍රීඩාංගණයේදි හෙට පැවැත්වෙන උපසම්පදා මහෝත්සවයට සහභාගිවෙන ජනාධිපතිවරයාට කාන්තාවක අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානමින් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයේ (119) රාජ්‍ය නිලධාරියකුට අසත්‍ය තොරතුරක් ලබා දුන් බව කියන පුද්ගලයකු ජුලි මස 01 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත්උදාරි ගුණසේකර මහත්මිය නියෝග කළාය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය ඉපලෝගම පොලීසියට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.
ඉපලෝගම , හිරිපිටියාගම මහේෂ් සදරුවන් රත්නායක නැමැත්තෙකි අයෙකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
ගල්නෑවේ පැවැත්වෙන මෙම උත්සව අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන අරමුණින් අත් බෝම්බයක් සගවාගෙන සිටින මෙම සැකකාර අසත්‍ය තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඉපලෝගම පොලීසිය මුල් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
සැකකරු එසේ අසත්‍ය තොරතුරක් ලබා දී ඇත්තේ තම බිරියට බව ද උසාවියේ දී කියැවිණි.
අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කර තිබු අතර එකි නොතිසියට අනුව සැකකරු අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදි ඔහු මෙලෙ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සැකකරු බිරිය සමග අමනාප වී ලබා දී ඇත්තේ අසත්‍ය තොරතුරක් ලබා දී බවට පොලීසිය ප්‍රකාශ කරමින් රාජ්‍ය උත්සවයට ජනාධිපතිවරයා සහභාගි වෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් ඉල්ලා සිටියේය.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැමියා, බිරියට දැමූ බොරු පැමිණිල්ල අතේ පත්තු වේ
Asela Sunday, 29 June 2025 08:29 PM
රජය, අර්ධ වශයෙන් අධිකරණය සහ අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශය හෝ පොලිසිය පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස හඳුන්වන පුද්ගලයා සොයා ගැනීමට උනන්දුවක් නොදක්වන නමුත් අද කාලයේ පෞද්ගලික නඩු විභාග වැනි සුළු කාරණා සඳහා කාලය හා ශක්තිය නාස්ති කරති. සර්කස් සඳහා රාජ්‍ය යාන්ත්‍රණය අධික වේගයෙන් ක්‍රියාත්මක වේ.
MD Monday, 30 June 2025 09:23 AM
පිරිමින්ට අවනත නොවන ගැහැනුන්ටත් යම් පාඩමක් ඉගැන්වූ නපුංසකයෙක්.