
( තිළිණි ද සිල්වා )
පවුල් ආරවුලක් නිසා මගමගදී සිය සැමියා එල්ල කළ පිහි ඇනුමකට ලක්වීමන් ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර , එම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ලාංකික සැමියා ද රෝම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉතාලියේ විසූ 40 හැවිරිදි ලාංකික කාන්තාවක් වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වන 49 හැවිරිදි ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආංරිචි මාර්ග කියා සිටී.
පෙරේදා (29) සවස 2.30 ට පමන රෝමයේ පොර්තුනීස් ( Portuense) ප්‍රදේශයේ මහ මගදි මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇතැයිද සදහන් වේ.
මහමගදි මෙම සැකකාර ලාංකිකයා විසින් ඇයගේ බිරිඳට සිදු කළ මාරාන්තික පිහි ඇනුමෙන් ඇය මාර්ගයේ ඇද වැටී ඇති අතර , ඇයගේ තත්ත්වය බරපතල වූ නිසා මාර්ගයේ ගමන් ගත් පිරිස් ගිලන් රථ කැදවා ඇයව රෝමයේ සෙන්ට් කැමිල්ලෝ ( S. Camillo )රෝහල වෙත පිටත් කර යවා ඇත.
රෝහලට ගෙන යන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇයව හදිසි ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු යොදා තිබුණද ඊට පෙර ඇය මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඇයට පිහි පාරවල් කිහිපයක් එල්ල කර ඇති අතර බඩට එල්ල වී තිබු මාරාන්තික පිහි පාරවල් 2 ක් නිසා ඇය මිය ගොස් තිබෙන බව සදහන් වේ.
ඔවුන් දෙදෙනා මහා මාර්ගයේ බහින්බස් වෙමින් ගමන් ගත් බවත්, ක්ෂණිකව ඔහු විසින් පිහියක් ගෙන ඇයට එල්ල කල බවත් මහාමාර්ගයේ ගමන් ගත් අය රෝම පොලිසියට පවසා තිබේ. පොලිසිය එතනට පැමිණෙන විටත් ඔහු එම පිහිය අත දරා සිටි බවද පොලිසිය සදහන් කරයි.
මේ වන විට මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණයකට සූදානම් කර ඇති අතර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ ඉතාලියේ අක්කද?
අනිත් කට්ටිය කරනවා වගේ එංගලන්තෙට පැනගත්තා නම් ඔය වින්නැහිය වෙන්නේ නැහැනේ. සුද්දෝ දෙන පින්පඩිය අරගෙන වැඩක් පලක් කරන්න මහන්සි වෙන්නේ නැතුව සැපට කාලා බීලා ඉන්න තිබුණා.
කැලේ මාරු වුණාට සතා සතාමයි. අපේ කට්ටියගේ මෙවැනි නොහොඹිනා වැඩ නිසා සිදුවෙන්නේ මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ම අපහසුතාවයට පත්වීමයි. මෙවැනි රටක නීතිය ඉදිරියේ වෙන්වීම ලංකාවේ තරම් සංකීර්ණ නැහැ කියලා මම හිතනවා. එහෙම නොවුණත්.., දෙදෙනා නොගැලපෙන බව දැනුණානම් වෙන්වී ජීවත් වෙන්න තිබුණේ...
ඉතාලි ඉන්න ගොඩක් අය ලංකාවේ මුඩුක්කුවල හැදිච්චි අය... ඔය අය ඔහොම තමයි.
පවුල් ඇතුලේ මොනතරම් ආරවුල් තිබුණත් මේ වගේ අමානුෂික විදියට මරාදාන්නේ මොන හිතකින්ද?
එන්ගලන්තෙටනම් එන්න එපා
එංගලන්තයේ පින් පඩි දෙන්නේ නැහැ. ජනතාවට උදව් කරනවා. වැඩ කරන්න ඕනේ... ඒක හැමෝටම ගන්න බැහැ. අනේ අපේ රටටත් ඉංග්‍රීසි පාලනයක් තිබුණා නම් මේ වගේ පගාවල් ගහන්න බැහැනේ... සෙනෙවි ඔයාට කියන්නේ ඉතාලිය තරම් සුන්දර මිනිස්සු ඉන්න රටක් කොයි ලෝකේවත් නැහැ. ඒකයි ඇත්ත.
මේ වගේ වැඩ කරන්නේ ලංකාවෙන් බෝට්ටුවෙන් ගිය නුගත් අය
ඉතාලිවල ඉන්න හුඟදෙනෙක් අවංක නැහැ... හරිම කපටියි.