
(මොහොමඩ් ආසික්)
ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය.
මහනුවර නුගවෙල තිළිණ උත්සව ශාලාවේ අද (04) වන දා සවස පැවැති පාක්ෂික හමුවක දී ඒ මහතා එසේ කීය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනරජ පෙරමුණෙන් තරඟ කිරීමට අපේක්ෂිත අපේක්ෂක අපේක්ෂිකාවන් දැනුවත් කිරිම සඳහා මෙම හමුව සංවිධානය කර තිබිණ
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ධනුෂක මල්වැව මහතා විසින් සංවිධානය කර තිබූ මෙම හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
1948 ඉඳලා මෙරට තිබුණ ප්‍රධාන සාම්ප්‍රදායික පක්ෂ සියල්ල මේ වන විට බිඳ වැටී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ විශාල වශයෙන් බිඳ වැටිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බි ඳ වැටිල තියෙනවා. සමඟි ජන බලවේගය බිඳ වැටෙමින් තිබෙනවා. සමගි ජන බලවේගයේ අවසන් ජනාධිපතිවරණය තමයි පසුගිය මැතිවරණය මින් පස්සේ ඔවුන්ට ජනාධිපතිවරණයකට එන්න වෙන්නේ නෑ. ඔය විදිහට සාම්ප්‍රදායික පක්ෂ කඩා වැටෙද්දී අරගලය නිසා ජාතික ජන බලවේගයට බලයට එන්න පුළුවන් වුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ සජබෙ අය, ඔන්න ඇත්ත දැනගන්න. මෙතුමත් ඉඳල හිටල ඇත්ත කියනවා. අරගලයේ අරමුණුවලට බැහැරින් ඉන්න පක්ෂවලට මේ රටේ ඉඩක් නැති බව එතුමා කියන්නේ. සජබෙට දිනන්න ඕන නම් එන් පීපියට වඩා අරගලයේ අරමුණ වලට සමීප වෙන්න ඕන. .තවදුරටත් සජිත් තමයි කෙරුම එතුම වටා ඉන්න වලල්ලට තමයි කළ හැක්කෙ කියල හිතුවොත් සොරිම තමයි.
ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ බිදවැටීමට පළමු හේතුව එම දේශපාලන පක්ෂ තුල තනතුරු වෙනුවෙන් සහ බලය වෙනුවෙන් පුද්ගලයන් විසින් කරනාවූ සටන් නිසා පාක්ෂිකයන් ප්‍රධාන පක්ෂවලින් දුරස් වීම සිදුවේ. ප්‍රධාන පක්ෂ කඩාවැටීමට දෙවන හේතුව නම් පක්ෂයක් වශයෙන් ලියාපදිංචිවී ඡන්ද 100 ගැනීමට නොහැකි පුද්ගලයන් ප්‍රධාන පක්ෂ සමග සම්බන්ද කරගැනීමද වේ. එවැනි අවස්ථාවාදීන් ප්‍රධාන පක්ෂ සමග සම්බන්දව මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිනිම සදහා පමණක් ඔවුන් ප්‍රධාන දේශපාලන පක්ෂ හෝ පෙරමුණ තොර ගනී.
ලෝකයේ දියුණු රටවල බුද්දිමත් උගත් දේශපාලකයන් ප්‍රතිපත්තියක් ඇතිව වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කරයි. ප්‍රතිපත්තිය තිබෙන්වූ දේශපාලකු පක්ෂයක් ලියාපදිංචි කලේනම් එම පුද්ගලයා හෝ කණඩායම් එම ලියාපදිංචි පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට පැමිණිමෙන් පසු සුවද්නවා සිටීමට හෝ බහුතර බලයක් ලබාගත් දේශපාලන පක්ෂ සමග ප්‍රතිපතින් සමග යම් එකඟත්වයන් ඇතිව ආණ්ඩු පිහිටුවීමට සිදුවේ. දේශපාලනයේදී ප්‍රතිපත්තියක් නොමැති වුවිට අවස්ථව අනුව ඕනෑම දේශපාලන බලවේගයක් සමග එක්ව දේශපාලනය කිරීම අවස්ත්වාදී දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය වේ.
මෙයා හදන අට්ටාලත් කඩන් වැටෙනවා
මු ආස එහෙම වෙනවට. ඇප නැතුව යන්ඩ පරදි දන්නේ.අනාත දෙසපාලුවෙක්.මරු කියවනවා
සෙනෙවිරත්න වැරදියි. අරගලේ මෙහෙයවූවේ තනිකරම රටේ ජනතාව මිසක් දේශපාලන පක්ෂයක් නෙවෙයි. එහිදී රටේ දේශපාලන පක්ෂ සියල්ල ඒ ජනතා අරමුණු වලට බයවෙලා රටේ පාලනය බාරගන්න පස්ස ගැහුවා. රටට පාලනයක් නැති වුණා දවස් කීපයක්. ඒ නිසා සෙනෙවිරත්න කියන දේ අද රට පාලනය කරන අයටත් අදාලයි.
මේ උන්නැහේ මිහිදන්කර අවසන්.
පක්ෂ බිද වැටුණා කියන්න අමාරුයි. ගැරඩි. ටික හැව ඇර ඇර හිටියා. කල්පයක් දැන් හැව එන්නත් බැහැ උන් වයසයි. කොහෙද ඉන්නෙ මොනවද. කරන්නෙ මම දන්නෙ නැහැ මට මතක නැහැ. ඔයවගෙ බහුබුත කතා කියන උන්ට කව්ද ඡන්දෙ දෙන්නෙ
මේවට කොහෙන් හිනාවෙන්න ද මන්දා.කඩා වැටුණු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ගැන කතා කරන්නේ සාම්ප්‍රදායික දේශපාලනය විතරක් නෙවේ ආගම සහ ජාතිය ගැන කියවලා ඒ මතින් පාර්ලීමේන්තු ගිය මෙරට සිටින පළමු පෙළේ දේශපාලන අවස්තාවාදියෙක් වීමයි හාස්‍යජනක කාරනාව.
සෙනෙවිරත්න කියන්නේ පුලුවන් තරම් අවබෝධෙන් බොරු කියලා, ලස්සන හීන මවලා ගොන්නු ටික පුලුවන් තරම් රවට්ටගන්න කියලා. ඇත්තටම උනේ මේ රටේ ශක්තිමත් විපක්ශයක් තිබුනේ නෑ රාජපක්ශ කඳවුරට විරුද්ධව. රනිල් එජාපේ ඒකාධිපති වෙලා හිටියා, එජාපෙ මිනිස්සු ජාතිකවාදී, රටට ආදරේ මිනිහෙක් ඉල්ලුවා, ඒත් රනිල් ඒක දුන්නෙ නෑ. ඒ නිසා සජිත් පක්ශෙ කඩාගෙන ගියා. ඒත් සජිත්ටත් විපක්ශ භූමිකාව හරියට කරන්න බැරි උනා. සජිත් කරේ ජනතා විමුක්ති පෙරමුණ කොපි කරපු එක.
සජබේ, පොහොට්ටු අයියල හිතාගෙන ඉන්නේ, පාන් පාන්, හාල් හාල්, පොල් පොල් කිය කියා හිටියම චන්ද ගොඩ වැඩිවෙනවා කියල. චම්පික දේශපාලනය කරාට, දන්නවා මිනිස්සුන්ගේ හදවත දැන් කොහෙද තියෙන්නේ කියල. විශේෂයෙන් තරුණ සහ යමක් කමක් තේරෙන චන්ද දායකයන්ට ඕනේ, ස්ථාවර සහ යහපත් නීති ගරුක රටක් නිර්මාණය කර ගැනීම. දුෂණය අවම කිරීම. විපක්ෂේ හිතාගෙන ඉන්නේ, රාජපක්ෂ මෝලයි, පාර්ලිමෙන්තුවෙයි එලියෙයි අර ගම්මන්පිලයි, චාමරයයි දාල කැගැහුවම, චන්ද ගොඩ වැඩිවෙනවා කියල. ඒවා හොදයි,
පක්‍ෂ තුල ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණ නැතිව සාම්ප්‍රදායික පක්‍ෂ තියෙන්න බෑ.සදාකාලික නායකත්වය අතහැරීමට නායකයන් ඉගෙනගත්ත නම් එජාපය අදත් රට පාලනය කරනව. පොහොට්ටුව ඊට අන්තයි.මෝඩ පවුල්වාදය විතරයි.