(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණ වශයෙන් "ලොක්ඩවුන්"(වැසීම) කළ යුතු යැයි තමා කිසිවිටෙකත් ප්‍රකාශ නොකරන බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
ඊට අඩු ක්‍රියාමාර්ගවලින් මේ වසංගතය පාලනය කළ හැකි යැයිද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්වය හමුවේ පසුගිය අප්‍රේල් මැයි මාසවලදී රට යම්තාක් දුරකට වැසුණද ආයතනවල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කෙරුණු බවත් එසේ කටයුතු කරන අතරේදී සෞඛ්‍ය නීති අනුගමනය කිරීම නිසා කොරෝනා පැතිරීමේ යම්කිසි පාලනයක්ද ඇති කරගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්නාන්සේලා අපේ සල්ලිවලින් ඉගෙනගෙන අපිටම පෙන්නන නාඩගම් දැක්කාම මේවා දාලා පිටරටකට නොගිය මෝඩකම් කියලා හිතෙනවා.
මේ ඔක්කොටම අමු කැවිලද කොහේද?
උද්දච්ඡ පාලකයින්ගේ ඕනෑ එපාකම් අනුව මෙසේ ප්‍රකාශ නිකුත් කිරීම මගින් තවදුරටත් කෝවිඩ් මරණ වැඩි වන බව ඔබතුමන් නොදන්නේද? දිනකට 200ක් හෝ ඊට වැඩිය මිය යාම යම් තරමකින් හෝ අඩු කර ගැනීමටත්, එන්නත් 1 ක් හෝ 2 කම නොලැබූණු පිරිසට එය ලබා දෙන තෙක් හෝ ජනතාව බේරා ගැනීමට ඇති අවශ්‍යතාවය, ඔබවැනි වෛද්‍ය ක්ෂේත්රයේ උගතුන් නොමැති වීම කණගාටුවකි...
එක එකා... එක එක දේවල් කියනවා. ඔබතුමා ගිහින් බලන්න තිබුණේ පහුගිය ටිකේ කෝච්චියක.. රජයේ සේවය වගේ නෙවෙයි පුද්ගලික සේවේ... මළත් වැඩට එන්න ඕනේ.. ඒවායේ ඔය කියන තරමේ රොස්ටර්ස් නැහැ. රජයෙන් වහනකම් බලන් ඉන්නේ පාස් ගන්නත්.. වහනවා නම් වහන්න සම්පූර්ණයෙන්ම. නැතිනම් ඇරලාම තියන්න මැරෙන එකා මැරිලාම යන්න.
" අංගොඩ " සිට දැනුම් දෙන නිසා පිළිගැනීමට සිදු වේවි. නමුත් බහුතරයකගේ මතය මෙය නොවේ.
අංගොඩ රෝහලේ වගේ PPE kit දාගෙන සාමාන්‍ය මිනිස්සු පොලේ යනවා කියලා මෙතුමා හිතන් ඇත්තේ...
කිසිම දෙයක් වෙනස් නොකර එදා වගේ වැඩ කරන්න. කොරෝනා කියන්නේ ව්‍යාපාරයක්... කඩා වැටුණු පිටරටවල් ගොඩගන්න ගහපු ප්ලෑන් එකක්...
ඔව්. ඔන්න ඔය වගේ රස්සාවත් බේරාගෙන වැඩ කරන්න.
මෙයත් දැන් කේවට්ටයෙක්.
ඔබතුමා දක්ෂ වෛද්‍ය වෘත්තිකයෙක්... එහි කිසිම විවාදයක් නෑ. ඒත් මෙවැනි ප්‍රකාශයක් කරන්න එම වෘත්තීය දැනුම ප්‍රමාණවත් යයි නොසිතමි. කෝවිඩ් ව්‍යාප්තිය, ආර්ථිකය, සමාජමය තත්ත්වය, ප්‍රවාහන පහසුකම්, අපේ පුරවැසියන්ගේ චර්යා රටාව යන බොහොමයක් ගැන සලකා බැලීමෙන් අනතුරුවයි වැසිය යුතුද? නැද්ද? නොඑසේ නම් අතර මැදි විසඳුමක් ගැන අදහස් පලකළ යුත්තේ. ඒ මන්දයත් එවැනි ප්‍රකාශ මේ වැනි අවස්ථාවලදී ඉතා තීරණාත්මක වන නිසායි...
අයියෝ... රස්සාව බේරගන්න වන මහන්සියක්...
ඔව්.., ඒක හරි "වහපන්.. වහපන්" කියන ඈයෝම පාසස් අරන් තමන්ගේ වැඩේ කර ගන්නවා...
මත, අදහස් තියෙන්න පුළුවන්... ඒත් මේ අවස්ථාවේ වඩාත් ප්‍රායෝගික සහ ඵලදායී වනුයේ ප්‍රතිඵල පාදක උපාය මාර්ග... නිසි ප්‍රතිඵල නොලැබෙන්නේ නම් වෙනත් විකල්ප උපාය මාර්ග සෙවිය යුතුය. මේක ඉතා විපත් අවස්ථාවක්...
රට වැහුවත් නැතත්, රටේ මිනිස්සු නීති වලට, සෞඛ්‍ය නියාමන වලට ගරු කරණ තාක් මේ වසංගතයෙන් ගොඩ ඒමක් නැහැ. මල ගෙදරක්, මගුල් ගෙයක්, සාදයක් තිබුනොත් නැත්නම් "අඩියක් ගහන්න සෙට් වෙන්න තියෙනවානම්" අද කීදෙනෙක් නොගිහින් ඉඳීවිද. ඉතාමත් සුළුතරයක් විතරයි ඒවාට ගරු කරන්නේ. මලගෙයක් උනොත්ේ මිනිය වලදානවා හෝ පුච්චනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? අවසන් ගෞරවය දැක්වූවොත්, ඒ මිනියට පණ එනවද? බුද්ධියක් නැති මිනිස්සු සහ රජය නිසයි මේ හැමදේම. රට වහලා, රටට ගොඩ ඒමක් නැහැ. වැඩට ගියත් නැතත් මාසෙ පඩිය හම්බ වෙන උදවියට නම් අවුලක් නැහැ. ඒත් එදා දවසේ වියදම හොයා ගන්න මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? රට වැහුවොත් රජයට ආදායමක් නැහැ. රට පවත්වාගෙන යන්නේ කොහොමද? මිනිස්සු විතරක් නොවෙයි, රජයත් තකතීරු තීරණ තමයි ගොඩක් වෙලාවට ගන්නේ. රට ආදායම නැත්තටම නැති උනත්, ප්‍රාඩෝ එකක් වෙනුවෙන්, ඇඟ හදාගන්න ජිම් 500 ක් හදල මිනිස්සුන්ගෙ ජීවිත් උගස් තියන රජයක් තමයි අපිට තියෙන්නේ.
මේ මනුස්සයා රට සම්පූර්ණයෙන් වහන්න ඕනෑමයි කිව්වා නම් මෙතන කමෙන්ට් දාලා තියෙන කබ්බන් බහුතරයක් මෙතුමාව වන්දනාමාන කරන විදිය බලාගන්න තිබ්බා. මේ අයට ඕනේ නිකන් ඉන්න. එහෙමත් නැත්තන් ගොන් ජෙප්පෝ හරි, සජියගේ හරි ගොට්ටෝ වෙන්න ඕනේ...
නොමිලේ අධ්‍යාපනය අරන් දේශපාලනඥයින්ට කඩේ යන එක වැරදියි