
(අංජුල මහික වීරරත්න සහ අමදෝරු අමරජීව)
ආර්. සම්පන්ධන් ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඔහු නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවද ජනාධිපතිවරයා කීය.
ආර්. සම්පන්ධන් මහතා සමඟ එකඟත්වයෙන් යුතුව ඉදිරියට ගෙන ආ එම සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ආර්. සම්පන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට ත්‍රිකුණාමලය පිහිටි ඒ මහතාගේ නිවසේ දී අද (07) පස්වරුවේ එක් වෙමිනි.
හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්ධන් මහතාගේ අවමංගල්‍ය උත්සවය පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන් මැති ඇමතිවරු ඇතුළු විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද (07) පස්වරුවේ සිදු කෙරිණි.
ඡායා අමදෝරු අමරජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම බොරු කියන්න එපා මනුස්සයෝ .පොලව පලාගෙන අපායට යයි
සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය ඊළම ද ?
නිකන් බොරු කියන්න එපා
සම්බන්ධන් කොයිම වෙලාවකවත් ද්‍රවිඩ ජනතාව හෝ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී හිටියෙ නෑ.... තමාගේ බඩ ගෝස්තරය රැක ගන්න තමාගේ සුඛවිහරණය පිනිස එල් ටී ටී ඉ එකට කඩේ ගිය එක කොටි ඩයස්‌පෝරාව එක්ක ලංකාවට විරුද්ධව වැඩ කරපු එක තමයි කරේ.
මේ මළගෙදර මෙයා තුන් පාරක් ගියා. කොළඹදි දෙපාරයි. ත්‍රිකුණාමලයට එක පාරයි...ගොඩාක් දුක හිතිලා වගේ. සම්බන්ධන් එක්කම ගියානම් හොඳයි නේ...
එන්න අපි බොරු කාරයෙක් ජනපති කරමු
ඔහොම තඩි පච කියන්න එපා මනුස්සයෝ ඉන්නකල් කරේ ජාතින් දෙක බේද කරන එක...
දේසපාලුවෝ කවද්ද හරියට ඇත්තක් කිව්වේ,රට බංකොලොත් කරපු දූෂිත දේසපාලුවොත් ඔය ගමන යන්නේ, කවද්ද කියලා අපිත් බලාගෙන ඉන්නේ?
පට්ටපල් කුණු ගඳ ගහන බොරු. සම්පන්දන් කවදාවත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ නැත. මෙච්චර වයසට ගිහින්, ඇවිදින්න බැරිව සහ රෝගාතුරව සිටිය මොහොතේ හෝ ඊළඟට ලැයිස්තුවේ ඉන්න තමාගේ සහෝදර සාමාජිකයාට හෝ එම අවස්ථා නොදුන් මේ සම්පන්දන්, ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක විහිළුවක්... කොළඹ සුපිරි නිවසක මහජන මුදලින් ජීවත් වුණා මිස අඩු තරමින් ඔහුව පත් කරපු ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් හෝ පෙනී සිටියේ නැත.
ඔව් ඔව් අපි ඒ බව කොටි යුද්දේ කාලේ හොඳටම දැක්කා.