
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුපියල් මිලියන 183 ක මුදලක් සමූපකාර දින සැමරුම් උත්සවයක් සදහා වැය කළ බව කියන සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිළියන්දල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
2011 වසරේ පැවැති ‘ඉසුරු සවිය‘ නැමැති සමූපකාර දින උළෙල සදහා වැය කර ඇති රුපියල් මිලියන 183 ක මුදල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන පිළිබදව නීතිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව එම විමර්ශනවලට අනුව එම හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට කරුණු අනාවරණය වී ඇති බව දන්වා ඇත.
ඒ අනුව ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතා පිළියන්දල ප්‍ර දේශයේදී ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ කරෝලිස් කියන එක්කෙනා…?
පහුගිය දවස්වල රජයට, රජයේ සේවකයින්ට නොමිලේ උපදෙස් දෙන වැඩ පිළිවෙලකුත් කරා නේද මෙතුමා...? මාර වැඩක් තමයි වෙන්නේ...!
හුඟක් වෙලාවට නිලධාරීන්ට වරදින්නේ දේශපාලකයන්ගේ වාචික නියෝග පිළිපදින්න ගියාම. අන්තිමේදී තමන්ගේ බෙල්ල ගහල යන්නේ දේශපාලකයා යහතින්. මෙතුමා සාමාන්‍යයෙන් හොරෙක් නෙවෙයි. හොඳ මහත්තයෙක්.