(ජේ.එල්.එල්. ජයසිංහ)

පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පිරිවෙනක වැඩවාසය කරන තරුණ සාමණේර  හිමිවරුන් දෙදෙනකු  අතර  ඇති වූ ගැටුමකින් එක් සාමණේර හිමිනම තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සාමණේර හිමිනමක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා එම පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන් බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි හිමිනමකි.

 ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් පෙරේදා (14) ඇති වූ ආරවුල් අතරතුර මෙම පහර දීම සිදුව ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියෙන්  කළ විමසුමක දී එහි ප්‍රකාශකයකු පැවසුවේ තුවාල ලබා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන හිමිනම කම්බියක් ඇනී තුවාල සිදු වූ  බවට පොලිසියට ප්‍රකාශයක්දී ඇති බවය.