(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)

සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,850 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර තිබේ.

සිමෙන්ති සමාගම් ඊයේ (12) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සිමෙන්ති මිල ඉහළ දමා ඇති අතර මෙම මිල වැඩි කිරීමට පෙර කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් නිල වශයෙන් රුපියල් 1,375 ක පැවතුණි.

මිල ඉහළ වුවද සිමෙන්ති හිඟය තව දුරටත් රට පුරාම පවතින බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.