(යොහාන් භාසුර)

කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල අද (14) මධ්‍යම රාත්‍රී සිට රුපියල් 225 කින් පහළ දැමීමට සිමෙන්ති සමාගමක් කීපයක් තීරණය කර ඇති අතර එම මිල පහත දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,750 ක් දක්වා අඩු වේ.

ඉන්සි සංස්ථා සහ ඉන්සි පෝට්ලන්ඩ් යන සමාගම් මෙම මිල පහත දැමීම කර ඇති අතර එම සමාගම්වල සිමෙන්ති කොට්ටයක් මීට පෙර රුපියල් 2,975 ක්ව පැවතුණි.